මහේස්ත්‍රාත් ඩි.ඒ. රුවන් පතිරණ මහතා නොතීසි නිකුත් කළේය. ඒ රහස් පොලීසිය ගම්පහ මහේස්ත්‍රාත්වරයාගෙන් සිදුකළ ඉල්ලීමක් අනුවය.
රතුපස්වල වෙඩිතැබීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අද (14) කැඳවූ අවස්ථාවේදී ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාල මාධ්‍යවේදියාට නොතීසි නිකුත් කළේය.
රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීම හේතුවෙන් අදාල මාධ්‍යවේදියා අධිකරණයට ගෙන්වන ලෙස රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් වන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 28 වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.