1150 x 80 px
ක්‍රිකට් ක්‍රීඩකයන්ට හොඳ කලක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පළමු ශ්‍රේණියේ සහ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා ආබාධවලින් තොරව අඛණ්ඩව ක්‍රීඩාවේ නියැලීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව රැක ගැනීමේ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය පවසයි.

ඒ අනුව රටපුරා විසිර සිටින ප්‍රිමියර් හා නැගී එන ක්‍රිකට් සමාජ හා ක්‍රීඩකයන් දැනුවත් කිරීමට කටයුතු යොදන බව බෙත්තාරාම ක්‍රීඩාංගණයේ උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ ශාරීරික දක්ෂතා අංශයේ කළමනාකරු රොබ් චෙව් මහතා ප්‍රකාශ කරයි.

ආබාධවලින් තොරව ක්‍රීඩකයෙකු බිහිකිරීම සඳහා ක්‍රමවත් යෝග්‍යතාව හා පෝෂණ සංස්කෘතියකට ඔවුන් යොමු කරන බව ද රොබ් චෙව් මහතා පවසයි.

Cricket3 web

ක්‍රීඩාපිටිය තුළ ක්‍රීඩකයන් ක්‍රියාශීලිව දස්කම් දැක්වීමට ඔවුනට ශක්තිය ලබාදීමෙන් හා ශක්තිය දරාගැනීමේ හැකියාව ප්‍රගුණ කිරීමෙන් ඔවුනගේ වේගයත්, දක්ෂතාවයත් වැඩිවනු ඇතැයි ද රොබ් චෙව් මහතා පැවසීය.

මේ අරමුණ සාර්ථක කරගැනීමේ පියවරක් ලෙස ප්‍රිමියර් හා නැගී එන ක්‍රිකට් සමාජයන්හි පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් නොබෝදා බෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළේය. මේ අවස්ථාවට ප්‍රිමියර් සමාජ 14කත් නැගී එන ක්‍රීඩා සමාජ 09කත් පුහුණුකරුවන් තිහක් එක්ව සිටියහ.

Cricket2 web

ක්‍රිකට් ක්‍රීඩකයන් කණ්ඩායමක් ලෙසත් පෞද්ගලිකවත් ශාරීරික යෝග්‍යතාවයෙන් පිරිපුන් ක්‍රීඩකයන් ලෙස ක්‍රියාශීලීව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව වැඩමුළුව මෙහෙය වූ රොබ් චෙව් මහතා දීර්ඝ ලෙස පුහුණුකරුවන් දැනුවත් කළේය.

සමබර දේශීය ආහාර වේලක් මගින් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් හා පෝෂණය ලබා ක්‍රියාශීලි ක්‍රීඩකයන් බිහිකරගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහි දී රොබ් චෙච් මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යයන ඒකකය මෙහෙයවූ මේ වැඩමුළුවට එම ඒකකයේ ප්‍රධානී හෙෂාන් ද මෙල්, චමිල ගමගේ හා චානක දීගොඩගමගේ හා උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානි සයිමන් විලිස් යන මහත්වරු ද සහභාගි වූහ.

 

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top