1150 x 80 px
සේවක අයිතීන් ලබා නොදීමට එරෙහිව දිවිනැගුම මුලස්ථාන කළමණාකරුවන් වර්ෂ අවසන් මුදල් වාර්ථාව ලබා නොදීමේ හදිසි තීරණයක
සමෘද්ධි අධිකාරිය ඇතුළු ආයතන 05 ක 25,001 ක් වූ සේවකයින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග‍්‍රහණය කිරීමේදී සිදුකර ඇති බරපතල සේවක අසාධාරණයන් හට විසදුම් ලබා දීමට වත්මන් යහපාලන ආන්ඩුවේ විෂයභාර අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඇතුළු බලධාරීන් මේ වනවිට මග හරිමින් සිටියි.
මෙම මගහැරීම හේතු කර ගනිමින් සේවක ගැටලුවලට සාධාරණ විසදුම් ලබා නොදීම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ බලධාරීන්ට එරෙහිව මෙතෙක් ගෙන ඇති වෘත්තීය ක‍්‍රියා මාර්ග වලට අමතරව වෘත්තීය ක‍්‍රියාමාර්ග තවත් දැඩි කිරීමට අප තීරණය කර මේ වන විටත් එහි නිරතව ඇත. ඒ අනුව දිවයිනේ 328 ක් වු සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම දිවිනැගුම වැඩසටහන යටතේ වැය කරන මුදල් සම්බන්ද දෙසැම්බර් 31 දිනට ලබා දිය යුතු අවසන් වාර්ථාව ලබා නොදීමට සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමය විසින් හදිසි තීරණයක කර ඇති බව මෙයින් දන්වා සිටින්නෙමු.
 
ඒ අනුව ගත් තීරණය පිළිබඳව දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වෙත හා විෂයභාර අමාත්‍ය ඒස්.බී. දිසානායක මහතා මෙන්ම නි: අමාත්‍ය රන්ජන් රාමණායක මහතාත් අමාත්‍යාංශ ලේකම්තුමත් මේවන විටත් ලිඛිතව දැනුවත් කර ඇත. අප විසින් ගත් මෙම වෘත්තීය ක‍්‍රියා මාර්ගය හේතුවෙන් දිවිනැගුම දෙපාර්තමේන්තුව මෙන්ම සමාජ සුභ සාධන හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය වෙත වර්ෂ අවසාන ගිණුම් තුලනයට තීරණාත්මක බලපෑමක් නියතව සිදුවන බව මෙයින් පෙන්නා දෙමු. ඒ අනුව 2015 වර්ෂයට කොපමණ මුදලක් ප‍්‍රාදේශිය හා දිස්ත‍්‍රික් ලේකම් කොට්ඨාශ මට්ටමින් මෙම වැඩසටහන වෙනුවෙන් 2015 දෙසැම්බර් 31 දිනට අදාල වර්ෂය වෙනුවෙන් කොපමණ මුදලක් වියදම් කර ඇත්ද කොපමණ මුදල්ක් ඉතිරි වී ඇත්ද යන්න සොයා ගත නොහැකි වන අතර  ඕනෑම රාජ්‍ය ආයතනයක දෙසැම්බර් 31 දිනට අවසන් කල යුතු මුදල් වාර්ථාව මේ අනුව අවසන් කර කර ගැනීමට නොහැකි වන බවත් එහි පුර්ණ වගකීම සේවක අයිතීන් ලබා දීමට මගහරින වත්මන් යහපාලන ආණ්ඩුවේ විෂයභාර අමාත්‍යවරයා භාරගත යුතු බවට අප මෙයින් අවධාරණය කරන්නෙමු. 
 
එමෙන්ම අප විසින් ගත් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය නවතා දමනමෙන් දිස්ත‍්‍රික් දිවිනැගුම අධ්‍යක්‍ෂවරු හරහා දිවිනැගුම කළමණාකරුවන් වෙත බලපෑම් සිදු කරන බැවින් බළලූන් ලවා කොස්ඇට බාවා ගැනීමේ න්‍යාය අනුගමනය නොකර සේවක අයිතින් ලබා දීමට වහා පියවර ගත යුතු බව මෙයින් දන්වා සිටින්නෙමු.
 
අයිතීන් දිනාගැනීමේ දිවිනැගුම වෘත්තීය සමිති එකමුතුව

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top