අනෙක් අතට රට සමාජ අර්බුදයකටද මුහුණ දී සිටී. දිනෙන් දින අපරාධ වැඩිවේ. රිය අනතුරු වැඩිවේ. දිවිනසාගැනීම් වැඩිවේ. පරිසර විනාශය වැඩිවේ. ලෙඩ රෝග වැඩිවේ. වංචා-දූෂණ පෙර පරිදිමය. ඉන්පීඩාවට පත් වන්නේද පොදු ජනතාවමය.
සුපුරුදු ලෙස කරන සුබ පතා ගැනීම්වලින් පමණක් අලූත් අවුරුද්ද සුබ නොවනු ඇත්තේ මේ නිසාය. පසුගිය කාලයක් පුරා අලූත් අවුරුද්දේ පළමු දිනයේ එකිනෙකාට සුබ පතා ගත්තද පොදු ජනතාවට ඒ කිසිම අවුරුද්දක් සුබ වූයේ නැත.
මේ අනුව 2016 සැබෑ ලෙසම සුබ නව වසරක් කරගත යුතුය. ඒ සඳහා මෙරට ජනතාව මෙතෙක් ආ දේශපාලන ගමන් මඟ නව දිශාවකට හැරවිය යුතුය. සැබෑ ලෙසම ජනතාව දිනන දේශපාලන ගමන් මඟට එක් විය යුතුය. පැරණි දේශපාලන තීරණ වෙනස්කර නව වසරේ සිට නව දේශපාලන තීරණ ගැනීමට ධෛර්යය සම්පන්න විය යුතුය; දැනුවත් විය යුතුය. රට සැබෑ ජයග්රහණ කරා රැගෙන යන, පැරණි සමාජය වෙනුවට නව සමාජයක් ගොඩ නඟන දේශපාලන ගමනකට අවතීර්ණ විය යුතුය. ඒ සඳහා දැවැන්ත ජනතා බලයක් ගොඩ නැගිය යුතුය.
අලූත් අවුරුද්ද සැබැවින්ම සුබ අලූත් අවුරුද්දක් වනු ඇත්තේ එසේ වූ විටය. ඒ වෙනුවෙන් ශ්රී ලංකාවාසී සියලූ දෙනාටම 2016 වසරේ සුබ අලූත් අවුරුද්දකට අපි සුබ පතන්නෙමු.
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2016.01.01