1150 x 80 px
ආරච්චිකට්ටුව හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති යකා නටයි
2016. 01. 05 දින අප සංගමය විසින් ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාව තුල නිල ලෙස අවසර ගත් සේවක හමුවක් පැවැත්විය. ඉන්පසු 2016. 01. 06 දින හිටපු සභාපති ජගත් සමන්ත සේවකයින් වෙත කඩාපැන ‘‘..................තොපි කාගේ අවසරයකින්ද එකතු වුනේ ........................... තොපිට මේක ඇතුලෙ යුනියන් හදන්න දෙන්නෙ නෑ ...’’ ලෙස පවසමින් පරුෂ වචනයෙන් බැන වැද උමතුලෙස හැසිරී ඇත.
සේවකයින්ගේ වෘත්තීය සමිතියකට බැඳීම එහි ක‍්‍රියාකාරීවීම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතිවාසිකමකි. ඒ බව නොදත් හිටපු සභාපතිවරයාගේ මෙම උමතු හැසිරීමට සේවකයින් විරෝධය පලකර ඇත. අප සංගමය මෙම නොමනා නොදැනුවත් හැසිරීමට විරෝධය පලකරමු.
 
මෙම සභාපතිවරයාගේ සේවා කාලය තුල සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කථාකිරීමට පවා ඉඩ නොදී දැඩි මර්ධනකාරී පාලනයක් ගෙනගොස් ඇත. මේ වන විට සභාව කොමසාරිස්වරයකුගේ පාලනය යටතේ (ලේකම්) පවතී. එම තත්වය තුල පසුගිය කාලය තුල පාගා දමා තිබූ සේවක ගැටළුවලට විසඳුම් ලබාගැනීමට අප සංගමය මැදිහත්වෙමින් සිටී. ඊට බාධාකරමින් මෙම හිටපු සභාපතිවයාගේ මෙම මැදිහත්වීම පිළිකුල් සහගත බව අප සංගමය ප‍්‍රකාශ කර සිටිමු.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top