සාමාන්‍යයෙන් අඩි තුනේ තුනේ සිට අඩි හතරහමාරක් දක්වා වැඩෙන මෙම මසුන් ඇතැම් විට මිනිසෙකුටත් වඩා උසින් වැඩුනු අවස්ථා ද දක්නට ලැබේ. අපේ රටේ මෙම මසුන් බහුලව ආහාරයට නොගනිතත් ඇතැම් රටවල්වල මෙම මසුන් ආහාරය පිණිස භාවිතා කරයි. කොරල්පර ආශ්‍රීතව බහුලව වෙසෙන මෙම මසුන් මුහුදු පැළෑටි හා ගල්පර ආශ්‍රීතව ජීවත් වෙති. එමනිසා සංචාරකයින් මෙම මසුන් නැරඹීම සදහා බහුලව අප රටට පැමිණෙන අතර, එම නිසා සංචාරක කර්මාන්තයට විශාල ආකර්ශණයක් මෙම මසුන්ගෙන් ලැබී තිබේ.
එමෙන්ම ජෛවමය ඛාදනයන් වැළැක්වීම සදහා මෙම මත්ස්‍යයා කටයුතු කරන අතර එම නිසා පරිසර හිතකාමි මත්ස්‍යයකු වශයෙන් ද සැළකේ.
කෙසේ වුවද මෙම මසුන් අපේ ඇතැම් ධීවරයින් විසින් අල්ලා ගන්නා නිසා එම විශාල මසුන් වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇත. මේ සම්බන්ධයෙන් ඇතැම් ධිවර ප්රජාවද, පරිසර සංවිධාන ද, සංචාරක කර්මාන්තය ආශ්‍රීතව කටයුතු කරන පිරිස් ද ගිරව් ඇල්ලීම තහනම් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගෙන් ඉල්ලීමක් කර ඇත.
එමනිසා ගිරව් ඇල්ලීම තහනම් කිරීම කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.