1150 x 80 px
හිටපු ජනපතිගේ ආරක්ෂක රථයක හැපී හතර දෙනකුට තුවාල

ඊයේ (07) සවස, කිරින්ද සිට මාතර කඹුරුපිටිය දක්වා දිවෙන මාර්ගයේ ''මලාන'' ප්‍රදේශයේ , දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක රථයක් ත්‍රී රොද රථයක් සමග ගැටී එහි සිටි සිව් දෙනෙකු රෝහලට ඇතුළත් කර තිබේ.

 

දැඩි වංගුවක් සහිත මෙම ස්ථානයේදී තීරෝද රිය ඉස්සර කිරීමට යාමත් සමග වාහන දෙක මුහුනට මුහුන ගැටී මෙම අනතුර සිදුව ඇත.

ප්‍රභූ ආරක්ෂක රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති අතර ඒ කිසිවෙකුටත් හානි සිදුව නැත.

මේ වනවිට අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථය සහ ප්‍රභූ ආරකශක රථය කඹුරුපිටිය පොලිස් ස්ථානයේ රදවා තබා ගෙන ඇති අතර ඒ පිළිබද වැඩිදුර විමර්ශණ කඹුරුපිටිය පොලීසිය විසින් සිදුකරනු ලැබේ.

වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top