1150 x 80 px
වසරකට පසු නිල්මිණි යළිත්

වසරකට එක් වරක් පමණක් දැකගත හැකි අපූරු දිය ඇල්ලක් බදුල්ල රිල්පොල මැදගම ප‍්‍රදේශයේදී මේ දිනවල දැකගත හැකිවේ.

නමුණුකුල කඳු පන්තියෙන් ආරම්භ වන මෙම දිය ඇල්ල ‘නිල්මිණි ඇල්ල’ නමින් ජනතාව අතර ප‍්‍රචලිත වී තිබේ. නමුණුකුල කඳු වැටියෙන් හටගන්නා මෙම දියඇල්ල කුඩා ඔය නමින් හඳුන්වන ගඟ දිගේ ගලා විත් බදුලු ඔයට එක්වෙයි.

මේ දිනවල පවතින වර්ෂාවත් සමග දියඇල්ල දර්ශනය වීමට පටන් ගෙන තිබේ. දිය ඇල්ල ආසන්නයට ළඟා වීම දුෂ්කර වුවද එහි අලංකාරත්වය ඈත සිටම නැරඹීමට හැකි පරිදි සොබාදහම විසින්ම සැකසී ඇති අයුරු ඉතා චමත්කාරජනකය.

දිය ඇල්ල දැක බලා ගැනීමට නම් බදුල්ල වේවැල්හින්න මාර්ගයේ පැමිණ මැදගම මාර්ගයේ කිලෝමීටරයක් පමණ පැමිණි පසු මෙම දිය ඇල්ල දර්ශනය වේ.

ජයලත් දිසානායක - බදුල්ල

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top