1150 x 80 px
ශීතලට ගිනි තපින්න ගොස්  සිරුරට  ගිනි ඇවිලී දැරියක් මිය යයි...

අම්මා බත් උයද්දී සීතලට ගිනි තපිමින් සිටි බිළිදියක් සිරුරට ගිනි ඇවිලි මියගිය දුක්බර පුවතක් කන්දකැටිය 24 කණුවේ පුස්සකන්ද ගම්මානයෙන් අසන්නට ලැබුණී. මෙසේ මිය ගොස් ඇත්තේ W.A. නිපුනි හංසමාලි වීරසිංහ නැමැති අවුරුදු 4යි මාස 11ක් වයැසැති බිළිදියකි.

දුරුතු පෝදා උදෑසන 5.30ට පමණ දැරියගේ මව බත් උයමින් සිට වැසිකිළියට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදු වී ඇත.

කුසියේ බංකුව උඩට නැග ලිප අසලට ගොස් ඇති මෙම දැරියගේ ගවුමට ගිනිඇවිලි  කෑගසනු හඩ ඇසී තිබේ. කාමරයක සිටි 11 හැවිරිදි අයියා පැමිණ අතින් ගින්න නිවන්නට වතුර කලයක් ඇගට නමා ඇත.

කෑ ගැසිමේ හඩ ඇසි පැමිණි මව ඉන්පසු ගින්න නිවා අසල නිවෙස් වල අය සමග එක්වි දැරිය කන්දකැටිය රෝහලට ගෙන ගොස් තිබේ.  තත්ත්වය අසාධ්‍ය බැවින් මහියංගනය රෝහලටත් එතැනින් මහනුවර පේරාදෙනිය ළමා රෝහලටත් මාරු කර යැවිණි.

පේරාදෙනිය ළමා රෝහලේදී දැරිය මිය ගියාය...   

- විමුක්ති සංජය-   

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top