ඉකුත් 24 දා සීනිගම දේවාලයෙන් ඇරඹි මෙම බක්කිකරත්ත ගමන (01) දා හුංගම නගරයේ සිට අම්බලන්තොට, හම්බන්තොට නගරය දක්වා ගමන් කෙරිණි .එමෙන්ම එලෙඹෙන 04 වනදින කතරගමට ලගාවීමට නියමිත බවද පළාත් සභා මන්ත්රී ෂම්මු ආරියවංශ මහතා පැවසිය.
ආරියවංශ මහතා බක්කි කරත්තයේ ඇතුලට වි කුඩා ශබ්ද විකාශණ යන්ත්රයකින් ජනතාව දැනුවත් කිරීම සිදු කරමින් ඉදිරියට ගමන් කල අතර හම්බන්තොටදී දකුණු පලාත්සභා මන්ත්රී එස් .වී පි ආනන්ද ,අරුණ ගුණරත්න යන අය මෙන්ම හිටපු ප්රාදේශීය සබා මන්ත්රීවරුන් කීපදෙනෙකුද විරෝධතාවය සදහා සහය දැක්වීමට එක්වී සිටියහ
- රාහුල් සමන්ත - හම්බන්තොට