1150 x 80 px
ගංගාරාමයේ ඇතින්නියගෙන් ලෝක වාර්තාවක් !

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධීව කොළඹ ගංගාරාමයේ රඳවාගෙන සිටි අලි පැටවා පිළිබඳව විමර්ශන කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ගංගාරාමයේ බලධාරීන් අපූරු පිළිතුරක් ලබා දී ඇත. එනම් එම අලි පැටවා ගංගාරාමයේ සිටි ඇතින්නට ලැබුණු පැටවෙක් බවයි. එහෙත් වැඩිදුර විමර්ශන කළ නිලධාරීන්ට හෙළිදරව් වී ඇත්තේ ගංගාරාමයේ ඇතින්නට වයස අවුරුදු 68ක් බවයි.

 

එතරම් වයස්ගත ඇතින්නකට පැටවෙක් ලැබීමට කොහෙත්ම ඉඩක් නොමැති බැවින් නිලධාරීන් මෙකී වංචාව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයන අතරතුර ක්‍රියාත්මක වූ වංචනික පිරිස අලි පැටවා ගංගාරාමයෙන් අතුරුදන් කර තිබිණි. දිගින් දිගටම විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අවසානයේ අලි පැටවා සොයා ගැනීමට හැකි වුණේ මාතර රජ්ජුරු බණ්ඩාර දේවාලයෙනි. දැන් අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණ ලබයි.

මෙම වංචනික ක්‍රියාව පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වුවද මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත් අඩංගුවට ගැණුනේ නැත. වගකිවයුත්තන්ට උපරිමයෙන් දේශපාලන රැකවරණ හිමිව ඇති බැවින් නීතිමය පියවරක් ඉදිරියේදී හෝ ගැණෙන ආකාරයක් ද නැත.

මේ අතර ඊයේ දිනයේ ද දළ ලබා ගැනීම සඳහා ඇතෙකු මරා දමා ඇති පුවතක් වාර්තා වී තිබිණි. අලි පොත සම්බන්ධ නඩු පැවරීම් සහ අත් අඩංගුවට ගැනීම් ඉතාම දියාරු ආකාරයෙන් සිදුවීම අලි ඇතුන්ට වර්තමානයේ සිදුවන ගැහැට කෙරෙහි සෘජුව ම බලපා තිබේ. එම නීතිමය කටයුතු දියාරු ආකාරයෙන් සිදු කිරීම වක්‍රාකාරයෙන් අපරාධකරුවන්ට සහාය පළ කිරීමක් වී ඇත. එම නිසා අලි ඇතුනට එරෙහිව සිද්ධ වන අපරාධවලට එම නිලධාරීන් සහ නීතිමය ආයතන ද වගකිව යුතුව තිබේ. එම නිසා ලංකා නිව්ස් වෙබ් අපි ජාතික කර්තව්‍යයක් ලෙස සලකා මේ පිළිබඳව හෙළිදරව් කිරීම් නොනවත්වාම ඉදිරියටත් කරන්නෙමු.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top