1150 x 80 px
මම ශ්‍රී ලංකා කාරයෙක් මිසක් පොහොට්ටු කාරයෙක් නෙවෙයි - නාමල් කියයි

තමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු මිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයකු නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු කුමක්දැයි තමන් හොඳින් ම අවබෝධ කරගෙන සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

 

පසුගිය දිනක තම සමීපතම මිතුරන් පිරිසක් හමුවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ " තාත්තා කියනවා එයා දේශපාලනික බබෙක් නෙවෙයි මගෙන් උපදෙස් ගන්න කියලා, ඒත් තාත්තට තේරෙන්නෙ නෑ ඉන්දියාව එක්ක එකතු වෙලා බැසිල් බාප්පි ගහන ගේම. පොහොට්ටුව ඇතුළෙ තියෙන විදේශ බලවේග අපි හරියට අඳුනගන්න ඕනේ." යනුවෙනි. එමෙන්ම ඉන්දියාව බැසිල් රාජපක්ෂ ලවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කරවූයේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරවීමට බවත් ඒ, ඉන්දියාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල නුරුස්සනා නිසා බවත් මන්ත්‍රී නාමල් තම හිතවතුන්ට ප්‍රකාශ කර තිබේ.

එසේම, " කවදාහරි දවසක ඔය පොහොට්ටුව සෙට් වෙන්නේ අලියා එක්ක. අලියා පොහොට්ටුව හොඬවැලෙන් ගන්නවා. බලන්න, පොහොට්ටු පක්ෂයේ සභාපති ජී. එල්. පීරිස් ඔරිජිනල් යූ.එන්.පී. කාරයා. එතකොට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් බාප්පි දේශපාලන පටන් ගත්තේ යූ.එන්.පී. එකෙන්, ගාමිණී දිසානායකගෙ උපදේශකයෙක් හැටියට. " යනුවෙන් ද නාමල් රාජපක්ෂ පවසා තිබේ.

නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ " අපි මේ වෙලාවෙ ඔළුව නවාගෙන හරි ගිහින් මෛත්‍රී එක්ක ශේප් වෙලා ආයෙ ශ්‍රී ලංකා එකේ බලය අල්ලන්න ඕනෙ. මං අද කිව්වා කියලා හිතාගන්න 2022 වෙනකොට බැසිල් බාප්පි පොහොට්ටුවත් එක්ක නවතින්නේ යූ.එන්.පී. එකේ. ඒනිසා මොන ගේමක් හරි ගහලා අපි ආයෙ ශ්‍රී ලංකා එකේ බලය අපි අතට ගන්නවා" යනුවෙනි. මින් පෙනී යන්නේ මුල් කාලයේ කෙසේ වුවද දැන් දැන් වන විට නාමල් රාජපක්ෂට ද දේශපාලන බලවේග හැසිරෙන ආකාරය හඳුනා ගැනීමට යම් හැකියාවක් ලැබී ඇති බවයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top