1150 x 80 px
උදයංග ගේන්න මාරපනත් ඩුබායි යයි!

උදයංග වීරතුංග ලංකාවට ගෙන ඒමේ ගැටළුව විසඳිය හැකිදැයි සොයාබැලීම සඳහා විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ද අද දිනයේ ඩුබායි බලා ගොස් තිබේ.

තිලක් මාරපන මහතා ආර්. ප්‍රේමදාස හිටපු ජනපතිවරයාගේ සමයේ හිටපු නීතිපතිවරයෙකි. මේ ප්‍රශ්නය විසඳීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙක් ද මේ වන විට ඩුබායි බලා ගිය කණ්ඩායමේ වෙති. අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ද එම කණ්ඩායම සමග ඩුබායි බලා යාමට නියමිත ව සිටි නමුත් කිසියම් හේතුවක් නිසා කෝදාගොඩ මහතා ට මේ දක්වා ඩුබායි බලා යාමට නොහැකි වී තිබේ.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග ලංකාවට උදර්පණය කරවා ගැනීම, මේ වන විට ලංකාව සහ ඩුබායි රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් දක්වා වර්ධනය වෙමින් පවතියි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top