1150 x 80 px
අවසාන මොහොතේ රනිල්ගෙන් මෛත්‍රීට පණිවුඩයක්!!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ඉතා සමීපතම උපදේශකවරයෙකුට කියා තිබෙන්නේ ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේදී සෑම පළාත් පාලන ආයතනයක් සම්බන්ධයෙන්ම සහයෝගයෙන් යුතුව වැඩ කරමු යන යෝජනාව ජනපති අතට පත් කරන ලෙසට ය.

රටේ දේපාලනමය සැබෑ වෙනසක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මීට පෙර කටයුතු කළ අන්දමටම, සහයෝගීව සහ ඒකාබද්ධව පරිපාලන කටයුතු සිදු කළ යුතු බව අගමැතිවරයා අවධාරණය කර තිබේ.

ඔහු තවදුරටත් කියා තිබෙන්නේ, ප්‍රතිඵලය කුමක් වුවත්, මෙම ප්‍රධාන පක්ෂ දෙක විරසකයන් තේමාකරගෙන සහ ගැටුම් නිර්මාණය කර ගෙන කටයුතු කරන්නේ නම් එයින් පරිපාලනයට හා අනෝන්‍ය අවබෝධයට බාධා ඇතිවන හෙයින් මෙම එකඟතාවයට නොපමාව එළඹිය යුතු වන බවයි.

එයින් ප්‍රාදේශීය දේශපාලනඥයන්ට ද යහපතක් සැලසෙන බව අගමැතිවරයා තවදුරටත් පෙන්වා දී තිබේ.

මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් සෑම පළාත් පාලන ආයතනයක්ම ඒකාබද්ධව පරිපාලනය කළ යුතු බවට වූ මෙම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා එක්කෝ නියෝජිතයෙක් හරහා, එසේත් නැතිනම් පක්ෂ දෙක අතර පාලමක් සේ ක්‍රියාකරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා හරහා එම යෝජනාව ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top