1150 x 80 px
මහමැතිවරණයක සලකුණු  : පළාත් පාලන මැතිවරණය - Update 2

අද (11) දිනයේ ප්‍රකාශ වීමට නියමිත පළාත් පාලන මැතිවරණ පරාජයත් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අගමැති ධුරය පිළිගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් හෙළි වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් නෙළුම් පොහොට්ටුව පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන් හසුරුවන පුද්ගලයා වන බැසිල් රාජපක්ෂ මහතා විසින් එම ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වී තිබෙන්නේ මේ සමගම මහ මැතිවරණයකට යොමු විය යුතු බව ය. ඒ අනුව නුදුරු කාලයේදී මහමැතිවරණයක් පැවැත්වීමේ විශාල ඉඩකඩක් පවතින බව ද නිල නොවන ආරංචි මාර්ග සනාථ කරයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top