1150 x 80 px
මිලියන 500 ක සුපිරි නිවාසයක් මිලදී ගන්නා ඇමතිවරයාගෙන් බෑණාට මිලියන 23 ක බෙන්ස් කාර් එකක්!

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙක් රුපියල් මිලියන 500කට සුපිරි නිවාසයක් මිලදී ගැනීමේ වෑයමක නිරත වෙමින් සිටින බවත් ඒ සඳහා ඔහු විසින් ඉදිරිපත් කළ අර්පණය එකී ඉදිකිරීම් සමාගම විසින් ප්‍රතිග්‍රහණය කර ඇති බවත් මීට පෙර අපි අනාවරණය කළෙමු. දැන් මෙම අමාත්‍යවරයාම, සිය බෑණා වෙනුවෙන් රුපියල් මිලියන 23 ක සුපිරි මෝටර් රථයක් මිලදී ගැනීමට තීරණය කර තිබේ.

පසුගියදා මෙම ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයා සිය බිරිඳ ද සමග කොළඹ 07 ජනප්‍රිය මෝටර් රථ අලෙවි සැලක් වෙත ගොස් තිබෙන්නේ E පන්තියේ සුපිරි බෙන්ස් රථයක් මිලදී ගැනීම පිණිස ය.

මෙයට වසර 3කට පෙර, එනම් 2015 වර්ෂයට පෙර මෙම අමාත්‍යවරයා සිය ප්‍රවාහන කටයුතු සඳහා පාවිච්චි කර තිබුණේ හොන්ඩා යතුරුපැදියකි. එවැනි පුද්ගලයෙක් වසර 3 ක් තුළ මෙතරම් දියුණුවක් ලබා තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ අවධානය යොමු විය යුතුය.

මේ අතර, එම අමාත්‍යවරයාට කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු ලැබෙන්නට නියමිත ව තිබෙන්නේ ද ‘මුදල් මවන අමාත්‍යාංශයක්’ යැයි අසන්නට ලැබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top