1150 x 80 px
හිටපු හමුදා කපිතාන්වරයෙකු ටාජ් සමුද්‍රාහිදී අත්අඩංගුවට

ඊයේ (16) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂක අංශයේ සේවය කළ කපිතාන් සිරිනාත් පෙරේරා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහුට විරුද්ධව ඇති චෝදනාව වන්නේ සමාජ මාධ්‍ය ජාල හරහා, විශේෂයෙන්ම ෆේස්බුක් හරහා ජාතිවාදී හා ගෝත්‍රවාදී අදහස් පතුරුවමින් සයිබර් අවකාශය තුළ ආචාරධර්ම උල්ලංඝනය කරමින් තරුණයන් කෝපයට පත් කරමින් ප්‍රකෝපකාරී පෝස්ට් පළ කරමින් හැසිරීමයි.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව අධිකරණයට පැමිණවීමට නියමිත ය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top