1150 x 80 px
එස් බී දෙපිටකාට්ටු දවල් හීනයක

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී එස්.බී. දිසානායක අමාත්‍යවරයා කීවේ ජනපති සිරිසේන මහින්ද රාජපක්ෂගේ කෙස් ගසක් තරමටවත් වටින්නේ නැති බව ය.

නමුත් ඉන්පසු ජනපතිට හේත්තු වූ එස්බී, මේ වන විට ඉතා පැහැදිලිවම අග්‍රාමාත්‍යවරයා පන්නා දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටියි. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ අගමැති වීමේ දවල් සිහිනය දකිමින් ය.


ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍යවරයෙකු පත් කරනු ඇතැයි මේ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂය නොමග යවමින් සිටියි. ඒ අතරම ඔහු මහින්ද රාජපක්ෂ ට පණිවුඩ යවමින් සිටින්නේ සිරිසේනට එරෙහිව නිවැරදි වේලාවේ තමන් රාජපක්ෂට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව කියමිනි. මේ වන විට අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ගණනාවක්ම එස්බීගේ මේ දෙපිටකාට්ටු කම නිසා මහත් අපහසුතාවයට සහ නොසතුටට පත්ව සිටින බව ය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top