1150 x 80 px
බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කෙරේ

බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ මහතාගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

ගාමිණී ජයසිංහ මහතා තව සති දෙකකින් විශ්‍රාම යාමට නියමිතව සිටියදී අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.

ගාමිණී ජයසිංහ යනු 2012 වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27ක් ඝාතනය කෙරුණු සිද්ධියේ ප්‍රධාන සාක්ෂි කරුවෙකි. 2012 නොවැම්බර් 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම් සිදුවන අවස්ථාවේදී එවකට මැගසින් බන්ධනාගාර අධිකාරී ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා විසින් ගාමිණී ජයසිංහ මහතාව බන්ධනාගාරයෙන් පිටතට කැඳවාගෙන ගොස් ඇත. ගැටුම්කාරී මොහොතක බන්ධනාගාරය හැරයාම ඔහු ප්‍රතික්ෂේප කරද්දී මෙසේ එමිල් රංජන් විසින් ඔහුව පිටතට කැඳවාගෙන ගොස් තිබේ. ඒ පිළිබඳ තොරතුරු දැනට විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

එමෙන්ම වැලිකඩ ඝාතන සිද්ධියේදී බ්‍රිගේඩියර් ශාන්ත දිසානායකගේ මැදිහත්වීම පිළිබඳ කරුණු ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ.

වැලිකඩ ඝාතන සම්බන්ධයෙන් දැනට අත් අඩංගුවට ගෙන ඇත්තේ වගකිවයුත්තන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණි. විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top