1150 x 80 px
ජනපති කිලී මහරාජාගේ පදයට නටයි.

මොන ප්‍රශ්නය තිබුණත්, මලික් සමරවික්‍රම, රත්වත්තේ ඩයස් හා සාගල වැනි සිය රාජකීය විද්‍යාල මිතුරන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිතවත් ය. අගමැතිවරයා යනු සිනහවට, සුහද සාදයට ප්‍රිය තැනැත්තෙකි.

නමුත් අවාසනාවකට මෙන් ඔහුගේ මිත්‍රයන් එසේ නොවේ. ඔවුන් අපකීර්තිමත් චරිතයන් ය. මේ මිතුරන් අගමැතිවරයාට හිතවත් නැත. ඔහු ගෙදර යනවාට පවා ඔවුන් කැමති ය. මේ අර්බුදයෙන් උපරිම වාසි ගන්නට තැත් කරන, ජනපති හා අගමැති අතර විරසකයක් නිර්මාණය කරන්නට පුද්ගලයෙක් ද මේ අතර සිටියි. ඔහු නම් කිලී මහරාජා ය. මහරාජා නාලිකා ජාලයේ ලොක්කා ය. ඇත්තම කතාව වන්නේ කිලී මහරාජා විසින් ජනපති සිරිසේන සමග හිතවත්කම් ඇති කරගන්නටත් පෙර සිටම කිලී, අගමැතිවරයාගේ මිතුරෙකුව සිටි බවයි.

නමුත් 2010 වසරේදී ශ්‍රී රංගා පාර්ලිමේන්තුවට නම් නොකිරීම වැනි සරල කාරණයක් නිසා කිලී, රනිල් වික්‍රමසිංහ මහතා සමග නොරොක් විය. තවද ඒ තරහ සිය මිනී වළ දක්වාම ගෙනයන්නට කිලී මහරාජා සූදානමින් සිටියි. අවාසනාවකට මෙන් මේ ‘ගේම’ට ගොදුරු වී සිටින්නේ ජනාධිපතිවරයා ය.

පසුගිය මාස 6 ක කාලය සැලකුවහොත් මේ කාලය තුළ මහරාජා විසින් එක්සත් ජාතික පක්ෂය තනි අතින් විනාශ කර දැමුවේ යැයි කිව හැකිය. අගමැතිවරයාට අකමැති ඕනෑම කෙනෙක් සමග කිලී මහරාජා මිතුරු වෙයි. අගමැතිට එරෙහිව සතුරු බලවේගයක් නිර්මාණය කරන්නට උත්සාහ කරයි. ඉන්පසු ජනපති සිරිසේනගේ මනස දූෂ්‍ය කරමින් ජනපතිට විස පොවයි.

කිලී මහරාජා මහින්දගේ සමයේ මෙවැනි දෙයක් කළා නම් ඔහුට සිදුවන දෙය ඉතිහාසගත විනාසයක් වනු නොඅනුමාන ය.

මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් සූදානමින් සිටින්නේ MTV මධ්‍යස්ථානය ඉදිරියේ සතියක විරෝධතාවක් පවත්වන්නට ය. මේ වන විට තත්වය ඒ තරම් දුරදිග ගොස් තිබේ.

දේශපාලන ලෝකයේ දැන් පවතින කතා බහට අනුව කිලී මහරාජා යනු මේ රටේ නිල නොලත් ජනපති ය. තත්වය ඒ තරමටම අප්‍රසන්න ය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top