1150 x 80 px
එක්සත් ජාතික පක්ෂය සිය නායකයා රැකගත යුතුය.

එක්සත් ජාතික පක්ෂය යනු ඉතිහාසඥයන් විසින් ‘ග්‍රෑන්ඩ් ඕල්ඩ් පාටි හෙවත් GOP යනුවෙන් ගෞරවනීය ලෙස විස්තර කරන පක්ෂයයි. එය මේ වන විට පක්ෂයට සම්බන්ධ වී ඇති පුද්ගලයන් සහ ඔවුන්ගේ අඳබාල වැඩ හා ප්‍රසිද්ධ ස්ථානයන්හි ඔවුන් විසින් සිදුකරන කූට වැඩ නිසා විකාර පක්ෂයක් බවට පත්වෙමින් යයි.

ඕනෑම පක්ෂයක් තුළ මෙන්ම එක්සත් ජාතික පක්ෂය තුළ ද විවිධ හැලහැප්පීම් තිබේ. නමුත් නායකයාට ප්‍රහාරයක් එල්ල වන විට පක්ෂයක් කළ යුත්තේ නායකයා ආරක්ෂා කර ගැනීමට එකා මෙන්ම නැගී සිටීමයි. වසර 70 ක් මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය වූයේ එයයි. නමුත් පක්ෂ මාරු කරන්නන්ගේ දෙපිටකාට්ටු වැඩ නිසා මේ වන විට යූඑන්පී බලකොටුව දෙදරන්නට පටන් ගෙන තිබේ.

වත්මන් නායකයා ද මේ තත්වයට වගකිව යුතුය. නමුත් පක්ෂය අස්ථාවර කරන්නට පෙරමුණේ සිටින උදවිය වටහා ගත යුතු වන්නේ ඔවුන් මේ හැම ක්‍රියාවක් මගින්ම කරන්නේ තම විරුද්ධවාදීන්ගේ දෑත ශක්තිමත් කිරීම බවයි.

ඔවුන්ගේ අලුත්ම උත්සාහය වන්නේ එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමයි. එවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ මහජන පක්ෂයට තවත් වතාවක් රට කරවිය හැකි බව ඔවුහු සිතති. මේ කියන ඊනියා ප්‍රතිසංස්කරණවාදීන් මේ බව පක්ෂය විනාශ නොකර, කාගේත් යහපත සඳහා තේරුම් ගත යුතුව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිල එක්සත් ජාතික පක්ෂය බලයෙන් පහ කර දැමීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස වෙයි. ඔවුන් 2015 අවුරුද්දේදී කළේ ද මෙයයි.

එක්සත් ජාතික පක්ෂය අප්‍රේල් 4 වැනිදායින් පසුව මේ කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශකාරී බලවේගයන්ගෙන් මිදිය යුතුය. ඉන්පසු ජනතාවට ධෛර්යයෙන් සහ බියකින් තොරව සේවය කළ හැකි ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුය. පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමට අරමුණු කරන අයට එසේ කිරීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ සිය නායක ධුරය ලැජ්ජාවට කිරීමෙන් නොව, පක්ෂ අභ්‍යන්තරයේ ගැටළුවක් නිරාකරණය කර ගැනීමෙනි.

- විශ්‍රාමලත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top