1150 x 80 px
සමෘද්ධි සහ කම්කරු වැඩ බලන ඇමති මලික්!

සමාජ සුබසාධන සහ කම්කරු සබඳතා අමාත්‍යාංශ දෙකේම වැඩ බලන අමාත්‍යවරයා ලෙසට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කටයුතු කරන බව අලුත්ම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ දිනවල පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යයට 15 වැනිදා පැමිණෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, එම සංචාරය නිමා කර දිවයිනට පැමිණීමෙන් අනතුරුව 23 වැනිදා මෙම අමාත්‍ය ධුර දෙකෙහි නව අමාත්‍යවරුන් පත්කිරීමට නියමිත ය.

ඒ අනුව මෙම අමාත්‍යාංශ දෙකම එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට නියමිත අතර, එයින් එක් අමාත්‍යාංශයක් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට හිමිවිය හැකි බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top