1150 x 80 px
සිරිසේන හා මාරපන ලන්ඩනයේදී හමු නොවූ රහස!

මාරපන දෝෂාභියෝගයක් කෙටුම්පත් කරලා!

පසුගියදා ලන්ඩන් නුවරදී අවසන් වූ චෝගම් හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ද නිල වශයෙන් ලංකාව නියෝජනය කළ නමුත් ඔවුන් දෙදෙනා කිසිවිටෙක එකවිට-එකතැන දැකිය හැකි වූයේ නැත.

විශ්වාසනීය ආරංචි මාර්ගවලින් ලංකා නිව්ස් වෙබ් වෙත මේ වන විට දැනගන්නට ලැබී තිබෙන්නේ ජනාධිපති සිරිසේන, ජනාධිපති නීතීඥවරයෙක් මෙන්ම හිටපු නීතිපතිවරයා ද වන තිලක් මාරපන ඇමතිවරයා සමග කෝපයෙන් පසුවීම නිසා මෙසේ සිදුවූ බවයි.

අමාත්‍ය තිලක් මාරපන පසුගිය දිනෙක, ජනපතිවරයාට එරෙහි විශ්වාසභංගක් කෙටුම්පත් කිරීම සඳහා සම්මාදම් වී ඇති බව ජනපතිවරයාට දැනගන්නට ලැබීම නිසා මේ විරසකය ඇති වී තිබේ.

තිලක් මාරපන නීතිපතිවරයා ව සිටියේ ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේ ය. මේ කාලයේ ප්‍රේමදාස ජනපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් හෙවත් දෝෂාභියෝගයක් ඉදිරිපත් විය. මෙවිට නීතිපති තිලක් මාරපන එයට එරෙහිව සක්‍රිය කාර්යභාරයක් ඉටු කළේය. එක්සත් ජාතික පක්ෂය සමග එක්වී ජනපතිවරයා ව රැක ගත්තේය. 

නමුත් මෙවර ඔහු කළේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජනපතිවරයා ව එළවා දැමීමට උත්සාහ කිරීමයි. 

මේ බව සැළ වූ විට ජනපති සිරිසේන චෝගම් සමුළුවට සහභාගි වීම සඳහා ලන්ඩනය බලා යාමට පෙර පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට තීරණය කළේය.

‍ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමට උත්සාහ කළ කණ්ඩායමට, සිය සැලසුම් අඩු ගණනේ තාවකාලිකව  හකුළා ගැනීමට සිදුවුණේ ඒ අනුව ය.

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top