1150 x 80 px
Interpol අර්ජුන්ගේ සහ උදයංගගේ රතු වරෙන්තු සමාලෝචනය කිරීමට යයි

තමන්ට එරෙහිව ලබාගෙන ඇති රතු වරෙන්තු ඉතා අසාධාරණ සහ අනීතික බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ජාත්‍යන්තර පොලීසිය වෙත දැනුම් දී තිබේ. තම නීතීඥයින් මාර්ගයෙන් ඔවුන් ජාත්‍යන්තර පොලීසිය වෙත දැනුම් දී ඇත්තේ මෙම රතු වරෙන්තු දේශපාලනික හේතූන් මත ලබා ගත් ඒවා බැවින් ඒවා අහෝසි කරන ලෙස ය.

 

ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය උදයංග සහ අර්ජුන් ඉදිරිපත් කර ඇති කරුණු සලකා බලමින් ඔවුන්ට එරෙහි වරෙන්තු පිළිබඳව ඉදිරි දිනකදී සමාලෝචනය කරන බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත. මෙය හුදෙක් දැනුම්දීමක් පමණක් වන අතර කරුණු දැක්වීමට අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබාදී නැත. ඕනෑම රතු වරෙන්තුවක් අහෝසි කිරීමේ අභිමතානුසාරී බලය ජාත්‍යන්තර පොලිසියට හිමිව තිබේ.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාව දේශපාලනික හේතු මත රතු වරෙන්තු අවභාවිතා කරන බවට පූර්ව නිගමනයක් මේ වන විට ජාත්‍යන්තර පොලිසියට ඇති වෙමින් පවතී.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top