1150 x 80 px
ලෙස්ටර්ගේ අවමංගල්‍යය අතරතුර රණමයුර සම්මානය උස්සලා!

සිංහල සිනමාව මහපොළවට කැඳවාගෙන ආ සිනමාවේ පියාණන් ලෙසින් සලකන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවය අතරවාරයේ ඔහු වෙත ඉන්දියාවෙන් පිරිනැමූ රණ මයුර සම්මානය කිසිවෙක් විසින් සොරකම් කර ඇති බව තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ගේ අනර්ඝ නිර්මාණයක් ලෙස අවිවාදයෙන් සැලකෙන 1963 වසරේදී තිරගත වූ ‘ගම්පෙරළිය‘ චිත්‍රපටය සඳහා ඉන්දියාවේ තුන්වැනි නවදිල්ලි සිනමා සම්මාන උළෙලේදී ඔහු වෙත රණ මයුර සම්මානය (Golden Peacock Award) පිරිනමනු ලැබීය. එය සිංහල සිනමා කෘතියක් විසින් ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් පළමු අවස්ථාවයි. සත්‍යජිත් රායි, ශ්‍යාම් බෙනගල් යනාදී ජාත්‍යන්තර කීර්තියට පත් කෘතහස්ත චිත්‍රපටකරුවන් විසින් පමණක් දිනාගෙන තිබෙන රණමයුර සම්මානය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙත හිමිවීම, සිංහල සිනමාවේ අමරණීය අවස්ථාවක් ලෙසට අවිවාදිත ය.

එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී  මෙවැනි සිද්ධියක් සිදුවීම රටක් වශයෙන් අප ලැජ්ජා සහගත විය යුතු කාරණයක් මෙන්ම එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට මහත් අපකීර්තියක් ගෙන දෙන සිදුවීමක් ද වනු ඇත.

රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top