28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

Date:

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ වැඩ අධ්‍යාපනය සඳහා වූ ආසියා පැසිපික් සංගමය සමඟ එක්ව සංවිධාන කරන 28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුවේ සමාරම්භක උත්සවය ඊයෙ (18) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ආරම්භ විය.

සමුළුව ලබන 21 වනදා දක්වා කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයෙදී පැවැත්වීමට නියමිතයි.

Social Work Responses To Climate Change And Other Enviromental Issues යන තේමාව යටතේ පැවැත්වෙන සමුළුව, ආසියා-පැසිපික්, යුරෝපය, උතුරු ඇමරිකාව ඇතුළු ලෝකයේ රටවල් 30ක පමණ සමාජ වැඩ වෘත්තිකයන්, විශ්වවිද්‍යාල සිසුන්, ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් සමන්විත වෙයි.

ගෝලීය හා කලාපීය වශයෙන් ප්‍රජාවන්ට බලපාන සමාජ හා පාරිසරික අභියෝග විසඳීම සඳහා දැනුම හුවමාරුව සහ සහයෝගිතාව ගොඩනැගීම මෙම සමුළුවේ අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...