15 ඓතිහාසික දිනයක් වෙයි.බද්දට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ග ස්ථිරයි! (VIDEO)

Date:

අසාධාරණ බදු පනතට එරෙහිව වෘත්තිය සමිති ක්‍රියාමාර්ග උච්චතම වන දිනය 15 වැනිදා නම් එදිනට විදුලි බල සේවකයින් සියලු දෙනාද ඊට එක්වීම ස්ථිර බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා අවධාරණය කළේය.

ඒ, ඊයේ (12) දින ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඇතුළු කාරණා සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව 15 වැනිදා ඓතිහාසික දිනයක් වනු ඇති බවයි ජයලාල් මහතා කියාසිටියේ.

බදු සංශෝධනය සම්බන්ධයෙන් ඇමතිවරයාද එකඟ නැති බව එම සාකච්ජාවේදී පවසා ඇති නමුත් ඊට ඔහුට දිය හැකි විසඳුමක් නැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව 15 වැනිදා වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වල ස්වරූපය අද පස්වරුවේ රටට දැනුම් දීමට නියමිත බවද්ද ඔහු සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...