15 ඓතිහාසික දිනයක් වෙයි.බද්දට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ග ස්ථිරයි! (VIDEO)

Date:

අසාධාරණ බදු පනතට එරෙහිව වෘත්තිය සමිති ක්‍රියාමාර්ග උච්චතම වන දිනය 15 වැනිදා නම් එදිනට විදුලි බල සේවකයින් සියලු දෙනාද ඊට එක්වීම ස්ථිර බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා අවධාරණය කළේය.

ඒ, ඊයේ (12) දින ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඇතුළු කාරණා සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව 15 වැනිදා ඓතිහාසික දිනයක් වනු ඇති බවයි ජයලාල් මහතා කියාසිටියේ.

බදු සංශෝධනය සම්බන්ධයෙන් ඇමතිවරයාද එකඟ නැති බව එම සාකච්ජාවේදී පවසා ඇති නමුත් ඊට ඔහුට දිය හැකි විසඳුමක් නැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව 15 වැනිදා වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වල ස්වරූපය අද පස්වරුවේ රටට දැනුම් දීමට නියමිත බවද්ද ඔහු සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...