03 වෙනිදා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව රට වෙනුවෙන් පාරට බහිමු – සජිත් (VIDEO)

වත්මන් ආණ්ඩුව පළවාහැර රට ආරක්ෂා කරගැනීම සඳහා අප්‍රේල් 03 ඉරිදා දිනයේදී ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව පාරට බැස විරෝධතා දක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

“අද රටේ ජනතාවට ජීවත්වෙන්න හැකියාවක් නැහැ. තෙල් ටික නැහැ, අත්‍යාවශ්‍ය ආහාර පාන නැහැ, කිරිපිටි නැහැ. මේ රටේ ජනතාව කොහොමද ජීවත්වෙන්නෙ ? දැන් අපි හැමෝම ඉවසුවා ඇති. මේ රටට මෙහෙම යන්න බෑ. අද රට බංකොලොත්වෙලා. රටේ පාලනයක් නැහැ. අදූරදර්ශී රාජ්‍ය පාලනයක්, නොහැකියාවෙන් පිරුණු රාජ්‍ය පාලනයක් තියෙන්නෙ. මිනිස්සු ජීවත් කරවීම ආණ්ඩුවේ වගකීමක්. අද ඒ වගකීමෙන් ආණ්ඩුව පැනලා ගිහිල්ලා තිබෙන්නෙ. ඒ නිසා මේ අපේ මාතෘභූමිය අද විවිධ කණ්ඩායම්වල වෙන්දේසිලන්තයක් බවට පත්වෙලා. මේක අපේ රටේ සම්පත් තුට්ටු දෙකට අලෙවි කරන යුගයක්. අපේ මතු පරම්පරාවට රට අහිමිවීගෙන යනවා. ඉවසුවා ඇති ! ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව අපි පොදුජන බලවේගයක් එක්ක රටේ වෙනසක් ඇතිකරමු. සියලුදෙනාම 3 වෙනිදා, ඉරිදා පාරට බහින්න. මමත් එනවා, අපිත් එනවා. අපි අපේ රට රැකගනිමු, ආරක්ෂා කරගනිමු, ගොඩනගමු”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (30) දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...