1150 x 80 px
ලූෂන් පුෂ්පරාජ් ඇමරිකානු Mr & Ms Atlas and Fitness Expo – 2017 තරගයට සූදානම්
ආසියාවේ කලු සිංහලය නමින් හැඳින්වෙන ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මේ වනවිට ඇමරිකාවේ ටෙක්සාස් වෙත ගොස් තිබෙනවා. ඒ Mr & Ms Atlas and Fitness Expo – 2017 තරගාවලිය සඳහා සහභාගිවීමටයි.
දෙසැම්බර් 09 වැනිදා මෙම තරගාවලිය පැවැත්වෙන අතර ලූෂන් පුෂ්පරාජ් මේ වනවිට සිය අවසන් පුහුණුවීම්වල නිරතව සිටී. එහිදී ඔහුට, අටවතාවක් Mr.Olympia ලෙස කිරුළ පැළඳි Ronnie Coleman නමැති ලෝකපූජිත කායවර්ධන ක්‍රීඩකයාගේ කායවර්ධන මධ්‍යස්ථානයෙහි අවසන් අභ්‍යාසවල නිරතවීමේ අවස්ථාව හිමිව ඇති අතර ඔහු පවසන්නේ එය තමන්ට හිමි වූ අගනා අවස්ථාවක් බවයි.
 
මෙම තරගාවලිය සඳහා ඇමරිකාව ඇතුළු රටවල් 08 ක ප්‍රකට කායවර්ධන ශූරයන් සහභාගිවීමට නියමිත අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඒ සඳහා සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.
 
ලූෂන්ගේ මෙම සංචාරය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ රියෝකොකෝ ලංකා පුද්ගලික සමාගම (Riococo Lanka (Pvt) Ltd) හා ටෙක්සාස්හි සේහින්ස් ලින්ක් ජාත්‍යන්තර සමාගමයි. 
 
pushparaj 1
pushparaj 2
pushparaj 3

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top