1150 x 80 px
පිරිමි සහය දිවීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්!

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100*4 සහය දිවීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට හැකිවී තිබේ. ඒ තත්පර 39.08 කාලයකින් තරඟය නිමා කරමිනි.

එම ඉසව්වේ රන් පදක්කම එක්සත් රාජධානිය දිනා ගෙන ඇති අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාව හා ලෝකඩ පදක්කම ජැමෙයිකාව දිනා ගෙන ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම 07 වන ස්ථානයට තරඟය නිමා කර තිබේ. හිමාෂ එෂාන්, ෂෙහාන් අඹේපිටිය, මොහොමඩ් අෂ්රෆු, විනෝජ් ඩි. සිල්වා යන ක්‍රීඩකයන් සිව් දෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ඉසව්වට සහභාගී විය.

අද (15) 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් වීමට නියමිත අතර මේ වන විට ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 05ක් සමඟ ශ්‍රේණි ගත කිරීමේ 31 වන ස්ථානයේ පසුවෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top