1150 x 80 px
කොන්දක් තියෙනවා නම් තිලංග නැවත ඉල්ලන්නේ නැහැ !
හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාට තවදුරටත් ක්‍රිකට් සභාපතිධූරයේ කටයුතු කිරීමට කිසිදු අයිතියක් නොමැති බව නියෝජය අමාත්‍ය රන්ජන් රාමානායක මහතා අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. තමන් එලෙස චෝදනා කරන්නේ තිලංග සුමතිපාල මහතා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක්, ක්‍රීඩා ආම්පන්න ගෙන්වන ව්‍යාපාරිකයෙක් හා   සූදූ ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරන බවට තොරතුරු අනාවරණ වී ඇති හෙයින් බව රාමානායක මහතා සඳහන් කළේය.  ක්‍රිකට් මුල් පුටුවේ රැඳී සිටින්නෙකුට එලෙස කටයුතු කිරීමේ නීතිමය හැකියාවක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ අනුව පසුගිය කාලය තුළ ක්‍රිකට්  ක්‍රීඩාවේ වැටීමට හේතුව හඳුනා ගත හැකි බවයි රන්ජන් රාමනායක මහතා කියා සිටියේ. 
 
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පවා ඔහු දුෂිතයෙක් බවට පෙන්වා දී තිබියදීත් මෙරට මාධ්‍ය හමුවේ සුමතිපාල මහතා නිවැරදි වීමට උත්සහ කළද ඔවුන් නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර තිබුණේ සුමතිපාල මහතාට එරෙහි චෝදනා නිවැරදි බව යැයි නියෝජය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
 
නිශාන්ත ප්‍රියදර්ශන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top