මෙම තරග තහනම පනවා තිබෙන්නේ අයි.සී.සී.ය මගින්.
ඉරිදා පැවති ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා දෙවැනි 20/20 තරගයේදී ඔහු දැවීගිය පසු විනිසුරු තීරණය සම්බන්ධයෙන් නොසතුට පළකිරීම හේතුවෙන් මෙම තරග තහනම පනවා තිබේ. පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී කෙගිසෝ රබාඩා සමග උණුසුම් වචන හුවමාරුවක් ඇතිවීම නිසා ඔහුට තරග තහනම් අවදානමක් එල්ල විය. ඒ අනුව මෙම තරග තහනම ක්‍රියාත්මක වන්නේ එම වැරදි දෙක සම්බන්ධයෙනි.
තරග තහනමට අමතරව දෙවන 20/20 තරගයේ ඔහුගේ තරග ගාස්තුවෙන් 30% ක දඩයක් ද නියම කර තිබේ.