තරගයට පෙර පකිස්තානු මාධ්‍යවේදිනියක වන සයිනම් අබ්බාස් ඇන්ජලෝ මැතිව්ස් සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පළකරමින් සඳහන් කළේ 'ඔන්න මම මගේ වැඩේ කළා' යනුවෙනි. මෙම ට්විටර් පණිවුඩය බෙහෙවින් ජනප්‍රිය වූ අතර එයට හේතුවූයේ මීට පෙර සයිනම් අබ්බාස් සිය ට්විටර් ගිණුමේ පළකළ ඡායාරූප දෙකකි.
පකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගයට පෙර ඇය දකුණු අප්‍රිකානු නායක ඒබී ඩිවිලියර්ස් සමග ලබාගත් ඡායාරූපයක් පළකළාය. ඉන්පසු ඩිවිලියර්ස් ලකුණු බින්දුවට දැවීගිය අතර පකිස්තානයට තරගයේ ජයග්‍රහණය හිමිවිය. පසුදින පැවති ඉන්දු - ශ්‍රී ලංකා තරගයට පෙර ඉන්දීය නායක විරාට් කෝලි සමග ලබාගත් ඡායාරූපයක් එම මාධ්‍යවේදිනිය සිය ට්විටර් ගිණුමේ පළකළ අතර එහි ප්‍රතිඵලය වූයේ කෝලි බින්දුවට දැවීගොස් ඉන්දියාව තරගයෙන් පරාජය වීමයි.
මැතිව්ස් ලකුණු බින්දුවට දැවී නොගියද ශ්‍රී ලංකාවට කඩුලු 3 ක පරාජයක් අත්විඳින්නට සිදුවිය.
මේ නිසා සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන බොහෝදෙනා පවසන්නේ නොතිබූ ජයක් කරා පකිස්තානයට යාමට හැකිවූයේ සයිනම් අබ්බාස්ගේ සෙල්ෆි ඡායාරූපය නිසා බවයි.