Tag: කෘෂිකර්ම අමාත්‍ය

  • විකුණන්න කෙනෙක් දන්නේ නැත්නම් වගා කරන්න එපා – කෘෂි ඇමතිගෙන් ගොවීන්ට උපදෙස් !

    විකුණන්න කෙනෙක් දන්නේ නැත්නම් වගා කරන්න එපා – කෘෂි ඇමතිගෙන් ගොවීන්ට උපදෙස් !

    අස්වනු අලෙවිය සඳහා වෙළඳපොලක් නොදන්නේ නම් වගා කිරීමෙන් වළකින ලෙස කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ගොවීන්ට පවසයි.

    “තමුන්නාන්සෙලාට වන්දියක් ලබාදෙන්න – ඒ කියන්නෙ වැටිලානෙ මේ ඉන්නෙ – මෙතන්ට රැස්කරගෙන අපි නිකම් ලොකු දේශන තියන්න යන්න ඕනෙ නෑ. හැබැයි ගැටලුවක් වුණාම රක්ෂණයකුත් අවශ්‍යයි. මං හිතන්නෙ නෑ අපි මේ දෙන වන්දියේ ප්‍රමාණය ඇති කියලා. මේවා අපි තව වැඩිදියුණු කරගන්නත් ඕනෙ. අපි මේ සියල්ල ගොඩනගමින් ඉන්න මොහොතක මෙහෙම අවස්ථාවකට සම්බන්ධ වෙලා මේ කටයුත්ත ඉදිරියට ගෙනියන්න දායක වෙන්න ලැබීම මං හිතනවා මගෙත් වාසනාවක් කියලා. තමුන්නාන්සෙලාට නම් මේක වාසනාවක් නෙවෙයි. හේතුව, හානිවෙලා නෙ මේ ඇවිල්ලා තියෙන්නෙ.

    අපි කියන්නෙ වෙළඳපොල දන්නෙ නැත්නම් වගා කරන්න එපා. දැන් මේ වට්ටක්කා ප්‍රශ්නයක් ආවානෙ ඊයෙ පෙරේදා. මං සමහරුන්ගෙන් ඇහුවා වට්ටක්කා වැව්වෙ කාට දෙන්නද කියලා. වගා කරපු අය දන්නෙ නෑ. අපි දැන් කියන්නෙ වගා කරන්න, දෙන කෙනාත් දැනගෙන. දෙන්නෙ කීයටද කියලාත් දැනගෙන. පුරුද්දට වගා කරනවානෙ, ඒත් දැනගෙන තමයි අපිට ඉදිරියට වගා කරන්න වෙන්නෙ, එතකොට කවුරුත් අනාථ වෙන්නෙ නෑ

    ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ වගා හානි වන්දි ලබාදීම වෙනුවෙන් පසුගියදා පොලොන්නරුව ප්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමිනි.

  • ඇතැම්  දේශපාලන පක්ෂ අසත්‍ය ප්‍රචාර ගෙන යනවා – මහින්ද අමරවීර

    ඇතැම් දේශපාලන පක්ෂ අසත්‍ය ප්‍රචාර ගෙන යනවා – මහින්ද අමරවීර

    සටහන – රෂිකා හෙන්නායක

    මාර්තු 10, කොළඹ (LNW): ගොවිජනතාවට ලබා දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට කිසිදු යෝජනාවක් ඉදිරිපත්ව නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ගොවිතැන් සඳහා ලබා දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට සහ ජලය පෞද්ගලීකරණය කිරීමට උත්සාහයක් පවතින බවට ඇතැම් දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ කළ  ද එය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

    මේ සම්බන්ධයෙන් යෝජනාවක් හෝ කිසිදු සාකච්ඡාවක් සිදුව නැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    අමාත්‍යවරයා චෝදනා කරන්නේ, එසේ තිබියදී දේශපාලන වාසි ලබා ගැනීමට ගොවි නියෝජිතයින් කියා ගන්නා පිරිසක් ගොවිජනතාව නොමග යැවීමට උත්සාහ දරණ බවටයි .

    හුංගම හාතාගල පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු පැහැදිලි කළා.

    අමාත්‍යවරයා අතින් මෙහිදී අඩු ආදායම් පවුල් 200 ක් සඳහා කුකුළු පැටවුන් ලබාදීම සිදු කෙරුණි.

  • කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සඳහා මුදල් සහ කෝටි 05 ක උපකරණ කට්ටල

    කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සඳහා මුදල් සහ කෝටි 05 ක උපකරණ කට්ටල

    සටහන – රෂිකා හෙන්නායක

    ජනවාරි 28 කොළඹ (LNW): හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 07ක ආරම්භ කළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන මේ වන විට ඉතාමත් සාර්ථක ව ක්‍රියාත්මක වන බව සඳහන් වේ. එය ආරම්භ කරනු ලැබූයේ කෘෂිකර්මාන්තයට තරුණ ප්‍රජාව ආකර්ශණය කර ගැනීමේ පියවරක් වශයෙනි.

    මේ යටතේ එම ගම්මානවල විවිධ කෘෂි ව්‍යාපෘති ආරම්භ කර ඇත.

    රජය විසින් ලබා දෙන ව්‍යාපෘති නොව ගොවි ජනතාවගේ හැකියාව හා ඉල්ලීම මත අරඹන ලද ව්‍යාපෘති රැසක් මේ වනවිට එම ගම්මානවල ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

    ඒ යටතේ ජදුර කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයට හා කච්චිගල්ආර ඇඹුල් කෙසෙල් සැකසුම් කලාපයට ජලය ඉසින යන්ත්‍ර, පසු අස්වනු නාස්තිය අවම කරලීම සඳහා වන ප්ලාස්ටික් ඇසුරුම් උපකරණ, කෘෂි හානි වැලැක්වීම සදහා අවශ්‍ය වන ආරක්ෂිත දැල්, හා මුල්‍යමය වියදම් සඳහා අවශ්‍ය වන මුල්‍යමය ප්‍රතිපාදන ඇතුළු රුපියල් කෝටි පහක් වටිනා උපකරණ කට්ටල බෙදා දෙනු ලැබිණ.

    ඒ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතිනි.

    අගුනකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී, මේ සදහා වන වැඩ සටහනක්  පැවැත්විණි.

  • සහල් හිඟයක් නෑ, හිඟයක් මවා පානවා – කෘෂිකර්ම අමාත්‍ය

    සහල් හිඟයක් නෑ, හිඟයක් මවා පානවා – කෘෂිකර්ම අමාත්‍ය

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් සහල් ව්‍යාපාරිකයින් සහ ගොවීන්ට දැඩි අවවාදාත්මක ප්‍රකාශයක් නිකුත් කර ඇත.

    ඒ අනුව කොපමණ සහල් තොග සඟවාගෙන සිටියද, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

    මේ වන විට ව්‍යාපාරිකයින් සහ ගොවීන් වී තොග සඟවා තබා ගනිමින් සහල් හිඟයක් මවා පෑමට උත්සහ කරමින් සිටින බවද අමාත්‍යවරයා පවසයි.

    මේ පිළිබදව අමාත්‍යවරයා දැක්වූ අදහස් ,

    “අපිට සහල් හිඟයක් නැහැ. නමුත් වෙලා තියෙන්නේ තියෙන වී, සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයොත් ගොවීනුත් දන්නවා මේ යල කන්නයේ අස්වැන්න ලැබිලා තියෙන්නේ. මේක මාස පහකට විතර ප්‍රයෝජනයට ගන්න තියෙන නිසා, ගොවීන් වී ගෙවල්වල තියාගෙන ඉන්නවා. ඒ වගේම මෝල්හිමියොත් මේවා මෝල්වල තියා ගන්නවා. ඒ නිසා තමයි මේ පොඩි හිඟයක් මවා පාන්නේ. නමුත් රටට අවශ්‍ය සහල් ප්‍රමාණය.. ඒ කියන්නේ අපි තමුන්නාන්සේලා කන සහල් තියෙනවා. බාස්මති රටින් ගෙන්න වෙයි. කීරි සම්බාවල හිඟයක් යම් ප්‍රමාණයකින් තියෙයි. අනික් සහල් ඇතිවෙන්න ප්‍රමාණවත්ව තියෙනවා. ඒ වගේම කොච්චර හංගගෙන හිටියත් පාලන මිලෙන් එහාට යන්න අපි සාමාන්‍ය මට්ටමේ හාල්වලට ඉඩදනේනේ නැහැ. පාලන මිලට අඩුවෙන් තමයි පවත්වාගෙන යන්නේ.”

    පුත්තලම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ පිළිබඳ සදහන් කර ඇත.

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

  • යූරියා මෙ.ටොන් 21,000ක් බෙදාහැරීම හෙට(09) සිට

    යූරියා මෙ.ටොන් 21,000ක් බෙදාහැරීම හෙට(09) සිට

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW): රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් ලබා දීමෙන් පසු, ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට(09) සිට බෙදාහැරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    එහිදී, ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් බෙදා හැරීමේ කටුයුතු සිදුකරන අතර, එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට හැකි අතර, කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9000ක මුදලට අලෙවි කිරීමට බලාපොරොත්තු වේ.

    කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇත්තේ, රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබා දීමට ද රජය පියවර ගෙන ඇති අතර, වී වගාවට මෙන්ම එළවළු ඇතුළු අනෙකුත් වගාවන් සඳහා ද යූරියා ඇතුළු අනෙකුත් පොහොර සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසයි.

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

  • වගා හානි වලට වන්දි ලැබෙන්නේ මෙහෙමයි

    වගා හානි වලට වන්දි ලැබෙන්නේ මෙහෙමයි

    සටහන – රෂිකා හෙන්නායක

    කොළඹ (LNW):  කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ පවතින නියඟය හේතුවෙන් දිවයින පුරා වගා බිම් අක්කර 58,766කට හානි සිදුවී ඇති බවයි.

    මේ අනුව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (29) ප්‍රකාශ කළේ, හානිවූ වගාවන් සඳහා වන්දි ගෙවිය හැකි වන්නේ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් බවයි.

    තවදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ , අනෙකුත් වගා හානි සඳහා යම් සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට සූදානම් බවයි.

    රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

  • අපිත් ඉන්නෙ අමාරුවෙන්, තියන මොකක් හරි ආණ්ඩුවක එල්ලෙන එක තමයි හපන්කම – මහින්ද අමරවීර

    අපිත් ඉන්නෙ අමාරුවෙන්, තියන මොකක් හරි ආණ්ඩුවක එල්ලෙන එක තමයි හපන්කම – මහින්ද අමරවීර

    වත්මන් ආර්ථික අර්බුදයෙන්, දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් පීඩා විඳිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වර්තමානයේදී කිසිවෙක් සැපපහසු ජීවිතයක් ගත කරනවා යැයි කිව නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

    මතුව ඇති තත්වයට වගකිව යුතු දේශපාලනඥයන් හෝ නිළධාරීන් සොයමින් සිටීම නොව සිදුකළ යුත්තේ සියලුදෙනා එකට එකතු වී අර්බුදයෙන් මිදීමට අවශ්‍ය පියවර ගැනීම බවද අමරවීර මහතා පෙන්වා දෙනවා.

    මේ සියලු අර්බුද සමග ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස ජනතාවට මුහුණදීමද අසීරු බවයි කෘෂිකර්ම ඇමතිවරයා පවසන්නේ. කෙසේ නමුත් මෙවැනි අර්බුදකාරී අවස්ථාවක විපක්ෂයේ සිටිමින් කෑගැසීම නොව තිබෙන කුමන හෝ ආණ්ඩුවකට එකතු වී දේශපාලනඥයෙකු ලෙස රට වෙනුවෙන් සේවය කිරීම වැදගත් බවද ඔහු සඳහන් කරයි.

    මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ සූරියවැව ප්‍රදේශයේ ගැබිනි කාන්තාවන් සඳහා තම පෞද්ගලික වියදමින් වියළි ආහාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමිනි.

    සාමාන්‍ය ජනතාව පමණක් නොව දේශපාලනඥයන්ද ඉතා අසීරුවෙන් ජීවත් වන නමුත්, හැකි ආකාරයෙන් අසරණ ජනතාව වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද අමරවීර මහතා ප්‍රකාශ කරනවා.

    UN

  • “හොර ඇමතියා පැනලා ගිහිල්ලා” – ගොවීන් කෘෂි ඇමතිගේ නිල රථය වට කරගෙන උද්ඝෝෂණයේ (VIDEO)

    “හොර ඇමතියා පැනලා ගිහිල්ලා” – ගොවීන් කෘෂි ඇමතිගේ නිල රථය වට කරගෙන උද්ඝෝෂණයේ (VIDEO)

    “ආහාර බෝග නිෂ්පාදන ජාතික සංග්‍රාමය” වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (04) අම්බලන්තොටදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු අතර එම රැස්වීම පැවති අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුව අසල ගොවීහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.

    අමාත්‍යවරයා රැස්වීම අවසන් කර පිටතට පැමිණෙන තුරු එම ගොවීන් ගේට්ටුව අසල බලා සිටි අතර ගේට්ටුවෙන් පිටතට පැමිණි නිල රථයේ අමාත්‍යවරයා නොසිටීම හේතුවෙන් ගොවීන් අතර උණුසුම් තත්වයක් ඇතිවිය.

    “හොර ඇමතියා පැනලා ගිහිල්ලා” යැයි කියමින් ඔවුන් විරෝධය පළ කරනු එහිදී දැකගත හැකිවිය.

    කෙසේවෙතත් මාධ්‍ය කළ විමසීමකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් කිසිසේත් පසුපස දොරටුවෙන් පළා නොගිය බවත් ගොවීන් සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් ය.

    RN