කැබිනට් සංශෝධනය සැලසුම් කිරීමට මුදල් ඇමති බැසිල් අද දිවයිනට !

0
441

පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන යළි මෙරටට පැමිණෙනු ඇති බව වාර්තා වේ.

සිය ඇමරිකානු සංචාරය කලින්ම අවසන් කරමින් ඒ මහතා මෙසේ පැමිණෙන්නේ ඉදිරි කැබිනට් සංශෝධනයට අදාළ කටයුතු සැලසුම් කිරීම සඳහා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

නව වසරේ කැබිනට් සංශෝධනය ජනවාරි 14 – 15 වැනි දිනක සිදුකෙරෙනු ඇති බවයි දැනට වාර්තා වන්නේ.

කෙසේවෙතත් ලංකා නිව්ස් වෙබ් අප මීට පෙර පුවත්වලින් අනාවරණය කළ ආකාරයටම කැබිනට් සංශෝධනය නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමට පෙර, එනම් ජනවාරි 18 වනදාට පෙර අනිවාර්යයෙන්ම සිදුකෙරෙනු ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here