ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW:

ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රිඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ සුවිශේෂී ඉසව්වක් වන බේස්බෝල් තරගාවලිය පසුගියදා දියගම ජපන් ශ්‍රි ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රිඩා පිටියේදී සාර්ථකව අවසන් වූයේ පළමු වරට ගුවන් හමුදාවට සූරතාවය හිමි වෙමින්ය.

මෙම තරඟාවලියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බේස්බෝල් කණ්ඩායම සුවිශේෂී දක්ෂතා දක්වමින් අවසන් මහා තරගයේදී ලකුණු 4-2 ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව පාරාජය කරමින්, 13 වන ආරක්ෂක සේවා බේස්බෝල් ශුරතාවය දිනා ගැනීමට සමත් විය. මෙම තරඟයේදී වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ගුවන් හමුදාවේ ‌කෝප්‍රල් සමීර සදරුවන් විසින්ද දක්ෂතම පන්දු යවන්නා ලෙස ගුවන් හමුදාවේ නායක ගුවන් භට සන්දීශ මීගොඩ විසින්ද දක්ෂතම පිතිකරනයට හිමි සම්මානය කොප්‍රල් චින්තක ඉදුනිල් යන ක්‍රීඩකයින් විසින් දිනා ගන්නා ලදී.

මෙම තරගාවලියේ ත්‍යාඟ සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජී එස් ඩී වීරසූරිය සහභාගි වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා බේස් බෝල් සංචිතයේ සභාපති එයාර් කොමඩොර් චන්දිමාල් හෙට්ට්ආරච්චි, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කේ ඒ ඩී ආර් සී කන්නන්ගර ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...