රත්තරන් කෙල්ල දැයෙන් සමුගනී – බෙටී වයිට්, ඔබට සුබ ගමන්!

Date:

ඇමරිකායේ 80 දශකයේ අතිශයින් ජනප්‍රිය වූ සිට්කොම් ප්‍රහසන කතාමාලාවක් වූ ද ගෝල්ඩන් ගර්ල්ස් හරහා ජනාදරයට පාත්‍ර වූ බෙටී වයිට් රංගන ශිල්පිනිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ ඇගේ 100 වන උපන්දිනයට දින 17ක් තිබියදී ය.

සොෆියා ලෙසට ගෝල්ඩන් ගර්ල්ස් කතාමාලාව ඔස්සේ ජනාදරයට පාත්‍ර වූ බෙටී ඉතිහාසයේ වැඩිම කාලයක් ඇමරිකානු රූපවාහිනී ක්ෂේත්‍රයට දායකත්වය සැපයූ තැනැත්තිය ලෙස ගිනස් වාර්තා පොතට ද එකතු වී තිබිණි.

1922 වසරේ එක්සත් ජනපදයේ ඉලිනොයිස් හි උපත ලද බෙටී, “This Is Your FBI” සහ The Great Gildersleev වැනි ගුවන්විදුලි වැඩසටහන්වලින් පසුව 1949 වසරේදී “Hollywood on Television” හි සම වැඩසටහන් මෙහෙයවන්නිය ලෙස පුංචි තිරයට පිවිසි තැනැත්තියකි.

බෙටී ගේ 100 වන ජන්ම දිනය එළඹෙන ජනවාරි 17 වන දිනට යෙදී තිබූ අතර, “Betty White: 100 Years Young—A Birthday Celebration” නමැති විශේෂ චිත්‍රපට දර්ශනයක් සමඟ ඇගේ දිනපතා ජීවිතය, සිය කාර්යාල කාර්ය මණ්ඩලය සමග ඇය කටයුතු කරන ආකාරය, තිරයෙන් පිටුපස දර්ශන මෙන්ම සත්ව හිමිකම් සුරකින්නියක් ලෙස සිය හඬ අවදි කළ ආකාරය ද ඇතුළත් මතක ගොන්නක් මෙයින් දිග හැරීමට නියමිතව තිබිණි.

බෙටී ගේ හදිසි නික්ම යාම හොලිවුඩය පමණක් නොව, ලොව වටා කලා ක්ෂේත්‍රයන් හි ශෝක දිනයක් බවට මේ වන විට පත්ව ඇත.

හොලිවුඩයේ එදා මෙදා තුර සිටි හොඳම ප්‍රහසන රංගන ශිල්පිනියක් ලෙස බෙටී ජනාදරයට පාත්‍රව සිටියාය.

රත්තරන් කෙල්ල බෙටී, ඔබට සුබ ගමන්!

පෙර ලිපිය: ‘රත්තරන් කෙල්ල’ට 100 යි – සාදයට ඔබත් එන්න!

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...