අඛණ්‌ඩව පෙරට එන Wakanda

Date:

අවුරුද්දෙන් අවුරුද්ද රිනිව් වෙන කතාවක්, අලුත් අවුරුද්දෙ කියන්න යන්නෙ. බ්ලැක් පැන්තර්, වකන්ඩා පැත්තෙ ඉඳලා ආව හාදයෙක්. මිනිහ ඇවිල්ලා මාවල් ස්ටූඩියෝස් බිහි කරපු මාවලස් කැරැක්ටර් එකක්. හොලිවුඩ්වල මාවල් ස්ටූඩියෝස් ගැන අමුතු කතන්දර ඕනෙ නෑ.  හිස්ටොරිකල් මෙතර්ඩ්ස් මොඩනයිස් කරලා නූතන ලෝකෙ දේශපාලන ෆ්ලෝ එක උඩ ගහපු කරණමක්, බ්ලැක් පැන්තර් කියන්නෙ. 

2018 බ්ලැක් පැන්තර් කරලා , පාර්ට් ටූ එක ඊයෙ පෙරේදා රිලීස් වෙනවා. බ්ලැක් පැන්තර් : වකන්ඩා ෆොරෙවර්, නේම් ටට්ල් එක ඒක.  වීරයෙක් බිහි කරපු රාජ්‍යයක වීරයා මැරුණම මොකද වෙන්නෙ? වෙන්න ඕනෙ මොකක්ද? පවර් සහ පවර්ටි කියන දෙක හුවමාරු වෙන්නෙ කොහොමද ? මේ ඔක්කොම කෑලි බෑලි ටික කතා කරන මේ ඊරා එකේ හොඳම මූවි එකක්. 

වයිබ්‍රේනියම් කියන්නෙ ලෝහයක්. ඒකෙ අමුතු බලයක් තියෙනවා . හරියට වෙද පප්පගෙ අරිෂ්ටෙ වගේ. ඒ ලෝහයෙන් කායික බලයක් ලැබෙන බ්ලැක් පැන්තර් කෙනෙක් වකන්ඩා කියන අධිරාජ්‍ය බිහි කරගන්නවා. බිහි විය යුතුයි කියල අපි වාද විවාද කරන ජාතියේ පරමාදර්ශී රාජ්‍යයක්, වකන්ඩා කියන්නෙ. පළවෙනි මූවි එකෙ වීරයා මැරෙනවා. 

දෙවනි එකේ, වකන්ඩාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දෙවනි බ්ලැක් පැන්තර් කෙනෙක් ඕන වෙනවා. වකන්ඩා ෆොරෙවර්, කියන්නෙ දෙවනියෙක් බිහිකර ගැනීමේ කතාව. පරමාදර්ශී රාජ්‍යයක් පවතින්නත් පවර් ඕනෙ. පවර් කියන්නෙ ලබා ගන්න ඕන දෙයක් නිකං ලැබෙන දෙයක් නෙවේ. ඒක ඔබ්වියස් දෙයක්. ඔය කියන අයිඩියල් වකන්ඩාව දුවන්නෙත් නැපොටිසම් උඩ. දෙවනි බ්ලැක් පැන්තර් වෙන්නෙ සූරි. ඒ කියන්නෙ පළවෙනි පැන්තර්ගෙ නංගි. ෆේඩ් වෙලා ගිය වකන්දාව බේර ගන්න සූරි ඉස්සරහට එනවා. කාටවත් නොදැනී වැඩෙන ත්‍රස්ත බලයක් පතුරන සෙට් එකක් හෙමින් හෙමින් වැඩිලා තියෙනවා. උන් ටිකත් වයිබ්‍රේනියම් එකට කෙළ හලනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නෙ බලය අල්ල ගන්ඩ. 

‘පවර්’ ඕනෙ. කට්ටිය ඒක මිනිස්සුන්ව නැති කරන්න යූස් කරනවා. වැඩි වැඩියෙන් අපි දන්නෙ ඒක. ඒ නිසා අපි හිතනවා පවර් කියන්නෙ සාතන් කෙනෙක් කියලා. ‘පවර්’ එක සාතන්ලගෙ අල්ලට වැටුණොත් අල්ලෙ නටවන්න පුළුවන් තමා. සාතන්ලට නොදී බලය අල්ලන්න තමා වකන්දාව දත කන්නෙ. 

කතාව අවසානෙ අපි දකිනවා මැරිච්ච  බ්ලැක් පැන්තර්ගෙ පුතෙක් හොර රහසේ වැඩිලා තියෙනවා. පොඩි එකා හැදෙන්නෙ හයිටි කියන දුප්පත් රාජ්‍යයේ. ඒක මරු තැනක්. එක පැත්තකින් නැපොටිසම් මත බලය හුවමාරු වෙන බව පේනවා. තව පැත්තකි ඒ බ්‍රීඩ් චේන් එකේ අය ලෝකෙ එක එක තැන්වල හොරෙන් හොරෙන් හැදී වැඩෙන බව පේනවා. ගොඩක් වෙලාවට ඒ පොළව දුප්පත් රටක්. රාජ්‍යයක්. පවර්ටි , පවර් වෙනුවෙන් පවත්වගෙන යනව කියල හොඳටම පේන තැනක් එතන. උන්ගෙ පවර් බ්‍රීඩ්ස් ග්‍රොව් අප් වෙන්න නං හිඩ්න්  කේව්ස්  ඕන කරනවා. පවර්ටි මේන්ටේන් වෙන්නෙ ඒ නිසයි. 

‘පවර්’ ඕනෙ. හැබැයි පවර්ටි වෙනුවෙන් නෙවෙයි. ඒ වගේම තාත්තගෙන් පුතාට, මල්ලිට, අයියට යන නැපොටිසම් පවර් චේන් එක ගැනත් හිතන්න වෙනවා කියලා Baltimora ආයෙ ආයෙ කියනවා.

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...