*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/01

  1. ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත්, රට පළමුවට තබා කැපවී සිටින සැමටත්, රටේ ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්‍යයෙන් බලා සිටි සියලු ශ්‍රී ලාංකිකයන්ට තම හෘද්‍යාංගම ස්තූතිය පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නව අවුරුදු පණිවිඩය තුළින් කියා සිටී.
  2. 2023 වර්ෂය සඳහා රු. 4000 නොඉක්මවන විශේෂ අත්තිකාරම් මුදලක් රජයේ නිලධාරීන්ට ගෙවීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරයි.
  3. හිටපු දහසය වන බෙනෙඩික්ට් පාප්වහන්සේ ස්වර්ගස්තවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කරයි – උන්වහන්සේ කතෝලික සංවාදයේ අඩිපාරක් තබා ගිය බව ද සඳහන් කරයි – 95 වන වියේදී ස්වර්ගස්ත වූ බෙනෙඩික්ට් පාප්තුමා, වතිකානුවේ පාප්වහන්සේ ලෙස කටයුතු කරනු ලැබුවේ වසර 08 කට අඩු කාලයක් වන අතර, 2013 වර්ෂයේදී උන්වහන්සේ තනතුරින් ඉල්ලා අස්වූහ – 1415 වර්ෂයේදී තනතුරින් ඉල්ලා අස්වූ දොලොස්වන ග්‍රෙගරි පාප්වහන්සේගෙන් පසුව පාප්වහන්සේ නමක් ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙයයි.
  4. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන සිටින එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුර විදානගේ 2023 ජනවාරි 04 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
  5. ‘දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය’ නිසා ඉල්ලුම පහත වැටීම සහ සැපයුම් තත්ත්වයන් ‘සාමාන්‍යකරණය’ වීම මත 2022 දෙසැම්බර් වන විට අඛණ්ඩව තුන්වන මාසයටත් ශ්‍රී ලංකාවේ උද්ධමනය අවම වී ඇති බව, ආර්ථික තොරතුරු වාර්තාකරන ජාත්‍යන්තර පුවත් සේවයක් වන බ්ලූම්බර්ග් අනාවරණය කරයි – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරන පරිදි වසරකට පෙර පැවති කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අගයට සාපේක්ෂව එය සියයට 57.2 දක්වා අඩුවී ඇති අතර, එම අගය ඉකුත් නොවැම්බර් මාසයේදී සියයට 61 බවත්, බ්ලූම්බර්ග් සමීක්ෂණයකදී සියයට 56.6 ක මධ්‍යස්ථ අගයක් බවත් ප්‍රකාශ කරයි – ගෝලීය භාණ්ඩ හා ආහාර මිල ගණන් පාලනය කිරීම දේශීය මිල මත පැනවූ පීඩනය අවම කර ඇති බවත්, ප්‍රවාහන වියදම් වසරකට වඩා 132.1% කින් ඉහළ ගොස් ඇති බවත්, ආහාර මිල 64.4% කින් ඉහළ ගොස් ඇති බවත් දත්ත පෙන්වා දෙයි.
  6. 2022 දෙසැම්බර් 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි වාහන හිමිකාරිත්වය පැවරීම සඳහා භාවිතා කරන MTA6 සහ MTA8 ආකෘති පත්‍ර සංශෝධනය කිරීමට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරයි – පාරිභෝගික සේවය වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ආකෘති පත්‍ර සංශෝධනය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
  7. මුහුණ දී ඇති අඛණ්ඩ ප්‍රාග්ධන ඌනතා මත, මූල්‍ය පනතට අනුව 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලය තුළ තම මහජන වගකීම් සම්පූර්ණයෙන් පියවන ලෙස කැන්රිච් ෆයිනෑන්ස් ලිමිටඩ් (Kanrich Finance Limited) සමාගමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නියෝගයක් නිකුත් කරයි – මෙය බැංකු නොවන මූල්‍ය අංශය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ගත් ක්‍රියාමාර්ගයක් බව සඳහන්.
  8. රාජපක්ෂ ‘පිල්ලි’ ජනතා අරගලයේ නිරත වී සිටි පුද්ගලයන් අතර සිටි බවට සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ චෝදනා කරයි – ‘මාස්ටර් සුනිල් ජයන්ත’ නැමැත්තෙකු අරගලයට සක්‍රිය ලෙස සම්බන්ධ වී සිටි බවත්, ඔහු රාජපක්ෂ හිතවාදියකු බවත්, ඔහු රාජපක්ෂවාදී ක්‍රියාධරයකු වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තා සමඟ විශාල ක්‍රියාදාමයකට මුලපුරමින් සිටින බවත් සාක්ෂි ඉදිරිපත් කරමින් පවසයි.
  9. 2023 දී ජනාධිපති අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ පුළුල්ව ඉටුකිරීමට ජනපතිගෙන් උපදෙස් – 2022 දී වෛද්‍යාධාර වෙනුවෙන් රු. මිලියන 1500ක් ගෙවයි – නාධිපති අරමුදලට ලැබුණු අයදුම්පත් 11,000න් 10,360ක වැඩ අවසන් බව ද වාර්තා වෙයි.
  10. ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක පා.ම. අනුර කුමාර දිසානායක විසින් අවසාන වරට කැඳවූ මාධ්‍ය හමුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ඇසීමකින් තොරවම අවසන් වෙයි – ජනතා විමුක්ති පෙරමුණ විසින් කැඳවූ මාධ්‍ය හමුවක් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ඇසීමකින් තොරව අවසන් වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි – ආණ්ඩුව ජනවරම සූදුවට හෝ සෙල්ලමට නොගත යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan