*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු TIN එකක්..

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 01 කොළඹ (LNW): අද දිනට හෝ අද දිනට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයින්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Taxpayer Identification Number – TIN) ලබා ගැනීම අනිවාර්යය බව අද (2024 ජනවාරි 01) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසා ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, තක්සේරු වර්ෂයක් (එක් වර්ෂයක අප්‍රේල් මස 01 වන දින සිට ඊළඟ වර්ෂයේ මාර්තු මස 31 වන දින දක්වා) සඳහා යම් තැනැත්තෙකු රු. 1,200,000/- ට වැඩි ආදායමක් ලබන්නේ නම්, ආදායම් බද්ද සඳහා ලියාපදිංචි විය යුතු බවයි.

මෙහිදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටින්නේ, ඉහත පරිදි ලියාපදිංචි නොවන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරන බවත්, එහිදී රු. 50,000 නොඉක්මන දණ්ඩනයකට ද යටත් විය යුතු බවත්‍ ය.

සියළු තොරතුරු දැක්වෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan