රෂිකා හෙන්නායක , ජනවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
උතුරු කොරියාවේ, ගිනිකෙළි සහ අයිස් නැටුම් සංදර්ශනයකින් වර්ණවත්වූ අලුත් අවුරුදු සැමරුම් සඳහා එරට නායක Kim Jong Un සහ ඔහුගේ දියණිය Ju Ae , සහභාගී වී තිබෙන බව වාර්තා වේ.
උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන් සමඟ මෙම සැමරුම්වලට එක් වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. චීන ජනාධිපතිවරයා ඇතුළු බොහෝ රාජ්‍ය නායකයින්ගෙන් කිම්ට අලුත් අවුරුදු සුබ පැතුම් ලැබුණු බවත් සඳහන්. මේ අතර, අලුත් අවුරුදු සුබ පැතුම් සමගින් කිම් පුටින් වෙත ලිපියක් යවා ඇති අතර, එහි උතුරු කොරියානු නායක රුසියාව සමඟ රටේ පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දී ඇති බවත් වාර්තා වේ.