කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ ඔප්පු ලබා දී තිබේ.

මස්කෙළිය වසමට අයත් ප්‍රදේශ රැසක එළවළු වගා කරන ගොවීන් මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබාගෙන තිබුණු අතර ලියාපදිංචි වූ වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට රක්ෂණ ඔප්පු ලබා දීම සිදු කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට මෙතරම් සාමාජික පිරිසකට ගොවි විශ්‍රාම රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීම සිදු කළ අවස්ථාව මෙය බව දැක්වෙයි.

මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් මස්කෙළිය සාම්මලේදී එම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙරට ගොවි ජනතාවගේ විශ්‍රාම දිවිය අභිමානවත් විශ්‍රාම දිවියක් කිරීම සඳහා කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් මෙම රක්ෂණ ක්‍රමය හදුන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්‍යාපෘතියක්!

කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය...

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති...