කෙහෙළියගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන් හැටි අහන්න රනිල් සහ දිනේෂ් CID වෙත!

Date:

කොළඹ LNW:රට තුළ ඖෂධ හිඟයක් ඇති බවට පෙන්වා හදිසි මිලදී ගැනීම් සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබුණු කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන් ආකාරය ගැන විමසීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ලබන සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වෙයි.

2022 වසරේ සැප්තැම්බර් මාසයේ 26 වැනිදා එම කැබිනට් පත්‍රිකාව යොමුකර තිබුණු අතර එහිදී හිඟයක් පවතින ඖෂධ පිළිබඳ කරුණු දැක්වීමක් සිදුකර නොතිබුණු බවද පසුව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් මීට ඒආ එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ඇමතිවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන තිබුණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින හෙයින් ඔහු දිවයිනට පැමිණීමෙන් පසුව එම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වෙත බෙදාහැරීමේ සිද්ධියට කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදුවූ අතර මේ වන විට ඔහු ඇප මත නිදහස්ව සිටියි.

2022-2023 වසරවලට අදාළව ඖෂධ වර්ග 77 ක මිලදී ගැනීම් සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණනයක වාර්තාව ද විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු අතර එහිදී අනාවරණය වී තිබුණේ ඖෂධ වර්ග 77 න් ඖෂධ වර්ග 11 කට අදාලව සිදු කරන ලද විගණනයෙන්, එකී ඖෂධ මිලදී ගැනීමේ දී රජයට රුපියල් මිලියන 709 කට අධික පාඩුවක් සිදුව ඇති බවයි.

එමෙන්ම, තවත් ඖෂධ වර්ග 04 කට අදාලව සිදු කළ විමර්ශනයේ දී ඉන් තවත් රුපියල් මිලියන 167 ක පාඩුවක් සිදුව ඇති බව හෙළි වී තිබුණි.

ජනතාවට ගුණාත්මක බවෙන් ඉහළ ඖෂධ සැපයීමේ අරමුණෙන් පිහිටුවා තිබෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය රෝගී ජීවිත අනතුරේ හෙලන ආකාරයෙන් හැසිරී ඇති බව පෙනී යන බවද විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇති අතර ඊට අදාල සියළු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද නිර්දේශ කර තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල 2021 අගෝස්තු මාසයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලද අතර ඔහුට එල්ල වූ විරෝධතා මත 2023 ඔක්තෝබර් මාසයේ දී එම ධූරයෙන් ඉවත් කරන ලදී

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...