ඉතාලියේ දුම්පානයට නව නීති!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2025 ජනවාරි 1 වන දින සිට ඉතාලියේ මූල්‍ය හා විලාසිතා අගනුවර වන මිලාන්හි වීදි ඇතුළු සියලුම පොදු ස්ථානවල දුම්පානය තහනම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම නීතියට අනුගත නොවන ඕනෑම අයෙක් ඩොලර් 41 ත් 249 ත් අතර දඩයකට යටත් වන බව (€40 – €240) සඳහන් වේ.

මෙම පියවර ඉතාලියේ දැඩිම දුම්පාන තහනම සනිටුහන් කරන බවයි වාර්තා වන අතර, මිලාන් ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දුම් පානය කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මිනිසුන් අනෙක් පුද්ගලයින්ගෙන් අවම වශයෙන් මීටර් 10 ක් දුරින් හුදකලා ස්ථානවල සිටින විට දුම් පානයට අවසර තිබීම එකම අවස්තාව ලෙස සැලකේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මෙම තහනම වාෂ්ප හෝ ඉලෙක්ට්‍රොනික සිගරට් සඳහා ඇතුළත් නොවන අතර මෙය සෞඛ්‍යයට වඩා වායු දූෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ගත් පියවරක කොටසක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...