පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා – ඇමති ෂෙහාන් (VIDEO)

0
428

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරියේදී රජය තීන්දු කළයුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

“මේ රටේ බදු ගෙවන ජනතාවට එක්කෝ අකාර්යක්ෂම, එහෙම නැත්නම් අක්‍රිය වෙච්ච ආයතන සම්බන්ධයෙනුත් වැය බරක් දරන්න සිද්ධවෙලා තියෙනවා. අපි හිතනවා වෘත්තීය සමිතිත් රජයත් සමග එකතුවෙලා කටයුතු කළයුතුයි, නමුත් වෘත්තීය සමිතිවල ඒ ස්ථාන පවත්වාගෙන යන්න දරපු උත්සාහයන් වලින් සමස්ත ජනතාවටම කිසියම් අගතියක් සිදුවෙලා තියෙනවා. ඒ හින්දා ඉදිරියේදී අපි තීන්දුවක් ගතයුතුයි මේ වගේ ආයතන ප්‍රතිව්‍යුහගත කරලා කොහොමද බදු ගෙවන ජනතාවට සහ සහන ලබන ජනතාවට තවදුරටත් සහන ලබාදෙන්න පුළුවන් ක්‍රමවේදය හදන්නෙ කියන එක ගැන”

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (31) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here