මේ අවුරුද්දේ රටේ ප්‍රශ්නත් ගෙදරදොරේ ප්‍රශ්නත් වැඩිවෙයි, රටේ අනාගතයත් තීරණය වෙයි – රනිල්

Date:

මේ ආරම්භ වන වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවන අතර රටේ අනාගතය කවරාකාරද යන්න එහිදී තීරණය වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“මේ අවුරුද්ද තුළ ලංකාවට විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට සිදුවෙනවා. අපේ රටේ අනාගතය එතනදී තීරණය වෙයි. අපට ප්‍රශ්න ගණනාවකට ගෙදරදොරේ මුහුණ දෙන්නත් වෙනවා. ඒ නිසා පළමුවෙන්ම අපි සියලු දෙනාම ශක්තිමත්ව මේ වැඩකටයුත්ත කරමුයි කියලා තීරණය කරමු. මේ නිසා කඩාවැටෙන්නේ නැතුව අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා හිතලා බලමු. ලංකාවේ දේශපාලන, ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරලා ඊටපසුව අපේ ඉදිරි ගමන ආරම්භ කරන එකට අපි කැපවෙමු. ඒ අදහසින් මම ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) දිනයේදී ජනතාවට නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...