ජනපතිට ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව සම්මානය

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා. කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී පැවති උත්සවයකදී අද මෙම ගෞරව සම්මානය පිරිනැමිණි.

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මංගල උපෝෂථාගාරය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා දැක්වූ අනුග්‍රහය වෙනුවෙන් ආශිර්වාද කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

UN