සටහන – රුවන් නෙළුගොල්ල
2026 වසර තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකෙරෙන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් ඊයේ (01) රාත්‍රියේ නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.



