ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ ජීවන වියදම් ඉහළ යාම සම්බන්ධයෙන් රටේ විවිධ පලාත්වල පැවති විරෝධතා හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වර්තා වේ.

ටෙහෙරානයට කිලෝමීටර් 300ක් (සැතපුම් 185ක්) නිරිත දෙසින් පිහිටි ලොරෙස්ටාන් පළාතේ අස්නා නගරයේ පැවති විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර චාර්මහාල් සහ බක්තියාරි පළාත්වලද විරෝධතා හේතුවෙන් තවත් දෙදෙනෙකු මියගොස් ඇත.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක හේතුවෙන් ඉරානයේ උද්ධමනය 40%කින් ඉහල ගොස් ඇති අතර ඉතිහාසයේ කවරදාටත් වඩා ඩොලරයට සාපේක්ෂව එරට මුදල් ඒකකය විශාල වශයෙන් අවප්‍රමානයට ලක්ව ඇත.

ජුනි මාසයේදී ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් පසු රටේ න්‍යෂ්ටික යටිතල පහසුකම් සහ හමුදා නායකත්වය ඉලක්ක කර ගැනීම හේතුවෙන් ඉරානයේ මෙම නොසන්සුන්තාව තීරණාත්මකව බලපෑ බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...