පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරණදී ඊයේ (01)) ආරම්භ කෙරිණි.

අකුරණ සිට දෙල්ගස්තැන්න දක්වා වූ මාර්ගයේ කිලෝමීටර් 1.7ක කොටසක් සංවර්ධනය කිරීම මේ යටතේ ආරම්භ වූ අතර එම මාර්ගය සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 66කි.

පුනරුදයට මඟ වැඩසටහන යටතේ රුපියල් මිලියන 24 000ක මුදලක් මෙම වර්ෂයේදී වෙන් කොට ඇති බවත් ඒ යටතේ අද දින මාර්ග 76ක සංවර්ධන කටයුතු ආරම්භ කළ බව එම ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එහිදී පැවසුවේය. එම මාර්ග සඳහා පමණක් රුපියල් මිලියන 5100ක මුදලක් වෙන් කොට ලබාදී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මහා මාර්ග අමාත්‍යංශයට අයත් නොවන නමුත් එම අමාත්‍යංශයේ මූල්‍ය දායකත්වය සහ තාක්ෂණික සහය යටතේ මෙම මාර්ග සංවර්ධනය වන බවත් අනතුරුව ප්‍රාදේශීය සභාව හෝ එම මාර්ග අයත් ආයතනය වෙත මාර්ගය නෛතිකව භාර දෙන බව ද ඒ මහතා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියාස් ෆාරුක් මහතා, තනුර දිසානායක මහතා අකුරණ ප්‍රාදේශීය ලේකම් රුවන්තිකා හෙන්නායක මහත්මිය ඇතුළු මහජන නියෝජිතයන්, නිලධාරීන් සහ මහජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...